දේශීය පුවත්

මාරවිල ප‍්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලින් කිලෝග‍්‍රෑම් 60 ක ප‍්‍රමාණයක් වැටලීම සිදු කළ සුරාබදු නිලධාරීන් විසින් මාරු කර ඒ වෙනුවට ලී කුඩු එක් කළ බවට සැකකරුවකු විසින් කරන ලද හෙළිදරව්වක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම හෙළිදරව්ව කර ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් රැගෙන ආ පුද්ගලයකුගේ පුතෙකු විසින් බව පොලිසිය පවසයි.

මාරවිලදී අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකර ඊට ලී කුඩු මිශ‍්‍ර කර ඇත්දැයි පරීක්‍ෂා කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මාරවිලදී අත්අඩංගුවට ගත් මෙම මහා පරිමාණ හෙරොයින් තොගය ශී‍්‍ර ලංකාවට ගෙන ඒම සම්බන්ධීකරණය කළ දේවගැතිවරයකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මන්නාරමේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හොර රහසේ ඉන්දියාවට පළා යෑමට සූදානම්ව සිටියදීය.

එම දේවගැතිවරයා දින 90 ක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

රුපියල් කෝටි 300 ක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇත්තේ පාතාල නායකයකුව සිට ඝාතනයට ලක්වූ සොත්ති උපාලිගේ බෑනා (දියණියගේ සැමියා) වන සංජු නමැත්තා විසින් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සංජු නමැත්තා මේ වන විට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම හෙරොයින් ජාවාරම පිටුපස පාකිස්තාන ජාතිකයකු සහ දැනට බන්ධනාගාරගතව සිටින මාලදිවයින් ජාතිකයකු ද සිටින බව පොලිසිය අනාවරණය කරගෙන ඇත’

එම සැකකරුවන් දෙදෙනා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් අන්තවාදී ත‍්‍රස්තවාදී සංවිධානයකට ලබාදී ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වාගෙන යයි’

මාරවිල දී රුපියල් කෝටි 300 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව්දෙනකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි’

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර නොදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබිණි’

මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාවට රැුගෙන ආ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කර නොතිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය’

මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඔවුන් පදිංචි නිවාස කිහිපයක් ඊයේ (14 දා) වැටලූ අතර ඔවුන් එම නිවාස අතහැර පළා ගොස් සිටියහ’

පෑලියගොඩ කොට්ඨාස විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More