56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (25 දා) නව තරගාවලි වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඒ අනුව මේ වනවිට පළමු හා දෙවැනි දිනයේ අලුත්ව තිබූ වාර්තා සමගින් මුළු තරගාවලි වාර්තා 19 ක් සටහන් වී තිබේ.
එහිදී අවුරුදු 17 ක් පැරණි වයස අවු. 16 න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ තරගාවලි වාර්තාව අලුත් කිරීමට කොළඹ සා. පීතර විදුහලේ රුමේෂ් තරංග සමත් වූයේය.
මීටර් 65.26 ක දුරක් සටහන් කරමින් රුමේෂ් විසින් අලුත් කරනු ලැබුවේ 2001 වසරේදී මීටර් 62.27 ක දක්‌ෂතාවක් දක්‌වමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ අයි.ඒ. පරණගම විසින් තබා තිබූ වාර්තාවයි.
තරගාවලියේ පළමු දිනයේ පැවැති වයස අවු. 16 න් පහළ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වේ තරගාවලි වාර්තාවත් රුමේෂ් විසින් හිමිකර ගෙන තිබීම මෙහිදී විශේෂත්වයක් බවට පත්විය.
අදාළ ඉසව්වේ දෙවැනි ස්‌ථානය මීටර් 54.33 ක දුරක් වාර්තාකරගත් පේදුරුතුඩුව හාර්ට්‌ලි විද්‍යාලයේ එස්. මිතුන්රාඡ්ටත්, තෙවැනි ස්‌ථානය මීටර් 53.59ක දක්‌ෂතාවක් දැක්‌වූ කොළඹ සා. පීතර විද්‍යාලයේ කවිශ්ක මධුරංගටත් හිමි විය.
p16 2වයස අවු. 18 න් පහළ පිරිමි මීටර් 400 අවසන් පූර්ව වටයේ තරගය සඳහා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් මෙවර තරගාවලිය හා එක්‌වූ ඩී.එම්. බෝගොඩ තත්. 48.55 ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීය.
අදාළ ඉසව්වේ මීට පෙර පැවැති වාර්තාව තත්. 48.87ක් වූ අතර එය කොටහේන සා. බෙනඩික් විද්‍යාලයේ කේ.පී.ටී.ආර්. ඉන්ද්‍රජිත් විසින් ඉකුත් වසරේදී පිහිටුවා තිබුණි.
වයස අවු. 20න් පහළ කාන්තා මීටර් 400 ඉසව්ව නව තරගාවලි වාර්තාවක් බවට පරිවර්තනය කරගත් වලල ඒ. රත්නායක විද්‍යාලයේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ තත්. 55.94 කින් අදාළ ඉසව්ව නිමා කළාය.
එහි දෙවැනි තැනට පත්වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී තත්. 56.08 ක කාලයකින් ඉසව්ව නිමාකර තිබුණු අතර එය තරගාවලි වාර්තාව සම කිරීමක් වශයෙන් සටහන් වී තිබිණි.
තියුණු සටනකින් අනතුරුව මීටර් 11.40 ක දුරක් සටහන් කරමින් වයස අවු. 18 න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වේ ප්‍රථම ස්‌ථානය දිනා ගැනීමට දෙබරවැව ජාතික පාසලේ නෙත්මි මේඝවර්ණට හැකි වූවාය.
නෙත්මිට සෙන්ටිමීටර් 10 ක් සහ 12 ක් පිටුපසින් සිටිමින් දෙවැනි සහ තෙවැනි ස්‌ථාන දිනා ගැනීමට මීගමුව නිව්ස්‌ටඩ් බාලිකාවේ රශිනි දිලූපා (මීටර් 11.30) සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ එම්.කේ.පී. ලක්‌ෂානි (මීටර් 11.28) සමත් වූහ.
වයස අවු. 18 න් පහළ මීටර් 3000 බාලක ඉසව්වේ පැහැදිලි ඉදිරියක් තබා ගනිමින් පළමු ස්‌ථානය සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට රන්දිවෙල මහා විද්‍යාලයේ ධම්මික විඡේසූරිය (වි. 8.59.61) සමත් වූයේය. වි. 9.17.23 කින් තරගය නිමාකළ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ චතුරංග ශ්‍රී ලාල් දෙවැනි ස්‌ථානයට පත්වන අතරවාරයේ එහි තෙවැනි තැන (වි. 9.29.75) රන්දිවෙල මහා විද්‍යාලයේ චනිදු මධුසංඛ වෙත හිමි විය.
මීට අමතරව වයස අවු. 23 න් පහළ කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්‌ථානය දිනා ගැනීමට ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජයේ හේමමාලි ද අල්විස් සමත් වූවාය. එහිදී ඇය විසින් මීටර් 30.97 ක දක්‌ෂතාවක් දැක්‌වූ අතර මීටර් 29.58 ක් සහ මීටර් 27.93 ක දක්‌ෂතා දැක්‌වූ රත්නපුර සුමන බාලිකාවේ එම්.පී.බී. ආසිරි සහ පෞද්ගලික අයෑදුම්කාරිනියක් ලෙසින් සහභාගී වූ ඡේ.ඒ.ඩී.පී. චමත්කා පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්‌ථාන දිනා ගැණින.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...