දේශීය පුවත්

රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික්  ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉංජිනේරුවරයකු ගොනු කර ඇති  මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි 21 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ සහීඩා බාරි මහත්මිය කියා සිටියේ මෙම චක්‍රලේඛය ඉදිරිපත් කරනු ලැබුවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර හදුන් ගැනීමේ අරමුණෙන් බවත් , වනාන්තර ඉඩම්  පරිහරණය කිරීමේ අරමුණෙන් නොවන බවය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 21 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
ඉංජිනේරු කපිල රේණුක  පෙරේරා  මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර , ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.රණවක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අමාත්‍ය මණ්ඩලය මගින් රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පත් කිරීම සදහා තීරණය කෙරිණි.
මෙම වෙනත් සුවිශේෂ වනාන්තර තුළ සුවිශේෂ පරිසර පද්ධති සහ දුර්ලභ සත්ත්ව විශේෂ රැසක් පවතී.මෙම ක්‍රියාව අත්හිටවූයේ නැත්නම් අප්‍රතිකාරී පාඩුවක් පරිසරයට සිදුවනු ඇත.
ඒබැවින් මම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ ක්‍රියාව නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ දර්ශන වේරදූවගේ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සහීඩා බාරි මහත්මිය පෙනී සිටියාය.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More