දේශීය පුවත්

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ AstraZeneca එන්නත රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ මිශ්‍ර පරීක්ෂණයකට එකඟ වී ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර සිටී.

දෙපාර්ශවයේම විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරණ මෙවැනි එන්නත් මිශ්‍රණ පරීක්ෂණයක් මගින්; පෙනහලු ආබාධ, ස්වසන ආබාධ, ස්නායු ආබාධ, බඩවැල් ආබාධ, අතුනු ආබාධ සහ මුත්‍රා ආබාධ සඳහා එන්නත්ලාභීන්ගේ ප්‍රතිශක්තිකරනය වඩාත් ඉහළ මට්ටමකට වර්ධනය කර දීර්ඝකාලීන ආරක්ෂාවක් ලබාදිය හැකි වේ යැයි අපේක්ෂා කරයි.

මේ වනවිට Sputnik V එන්නත 96%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති අතර AstraZeneca එන්නත 62%ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද වාර්තා වෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නතේ නිෂ්පාදකයා වන AstraZeneca සමාගම රුසියාවේ එන්නතේ නිෂ්පාදකයා වන Gamaleya Research Institute සමඟ මෙම පරීක්ෂණයට එකඟ වූ බව තහවුරු කර ඇති අතර මෙමඟින් වඩා පුලුල් ආරක්ෂාවක් එන්නත්ලාභීන්ට ලබාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙය එන්නත් සඳහා වන “සහයෝගීතාවයේ” නව පරිච්ඡේදයක් වනු ඇති බව Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන Gamaleya Research Institute ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටී.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න

https://economictimes.indiatimes.com/news/international/world-news/oxford/astrazeneca-in-mix-match-covid-19-vaccine-trial-with-russias-sputnik/articleshow/79696172.cms



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More