පුරවැසි කොලම

ජනාධිපති, අග‍්‍රාමාත්‍යතුමා, හමුදාපති ඇතුළු ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කොවිඞ් – 19 වෛරස් රෝගය පැතිරීම සහ මැ`ඩපවත්වා ගනිමින් සිටී. අති භයානක ව්‍යසනයෙන් අප මවුබිම බේරා ගැනීමට ගන්නා වෙහෙස වෙනුවෙන් ඔවුනට අප කෘතඥ විය යුතුය. මීළ`ග පියවර ලෙස අප ගත යුත්තේ කුමක්ද? පසුගිය කාලයේ ප‍්‍රජා-කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඉදිරියට ගතයුතු පියවර මනාව පැහැදිලි කර තිබිණි. මේ ස`දහා ක‍්‍රියාමාර්ගයන් පැහැදිලිව සාකච්ඡුා කර ආර්ථිකයද තව දුරටත් බි`දවැටීමට ඉඩ නොදී ආර්ථිකය පණ ගැන්වීමේ පියවර ආරම්භ කිරීමට උත්සාහ කළ යුතුය.

වසංගතය මෙරට පැතිරීම ආරම්භ වූ මුල සිටම ඇ`දිරිනීතිය සහ වෙනත් සංචරණ සීමා යනාදිය පනවා සෞඛ්‍යාරක්ෂිත පියවර මේ දක්වා අනුගමනය කරමින් තිබේ. මෙමගින් මෙම රෝගය බෝවීම පාලනය කර ගනිමින් ඇත. මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වීමට තවත් යම් කාලයක් ගත විය හැකිය. මේ අනුව යම් දිනෙක අප නැවතත් යථා තත්ත්වයට පත් විය යුතුය. ඒ ස`දහා ගත යුතු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත‍්‍රිවිධ හමුදා නායකයන් ඇතුළු ප‍්‍රජා – කායික වෛද්‍ය විශේෂඥයන් සමග සාකච්ඡුා කර ඔවුන් සකස් කර ඇති ක‍්‍රමවේදයන් කෙසේ කළ යුතු දැයි පියවරින් පියවර සළකා බැලිය යුතුය.

තව දුරටත් ආර්ථිකය බි`දවැටීම අවම කිරීම ස`දහා සියලූ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ආර්ථිකයට සෘජුවම බලපාන කර්මාන්ත සහ පෞද්ගලික ආයතන ක‍්‍රියාත්මක වීම ආරම්භ කළ යුතුය. රජයේ ආයතන, විශ්වවිද්‍යාල, පාසල්, දෙවනුව සළකා බැලිය යුතුය. මෙයට හේතුව මෙම ආයතන ආරම්භ කිරීමට මගී ප‍්‍රවාහන දුම්රිය සහ බස්රථවල සහාය අවශ්‍ය වීමයි. පොදු ගමනාගමන සේවා බස් සහ දුම්රිය උදේ සහ සවස යන ආකාරය බලන විට පුද්ගල පරතරයක් තිබෙන බවක් නොපෙනේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යනාදිය ආරම්භ කිරීම ඉතා ප‍්‍රවේසමෙන් කළ යුතුය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ සමග සාකච්ඡුා කිරීම ඉතා වැදගත්ය. විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මුළු රට පුරාම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විශ්වවිද්‍යාල  නේවාසිකාගාරවලට පැමිණෙනවා ඇත. එයින් එක්කෙනකු හෝ ආසාදිත වී නම් මේ වෛරසය වේගයෙන් පැතිරීමේ අවදානමක් තිබේ. මේ නිසා තවදුරටත් රෝගය පැතිරීම වලක්වාගත යුතුව ඇත.

වෛරසය පැතිරීම පාලනය කර ගන්නා අතරම කාලීන අවශ්‍යතාව නම් ආර්ථිකය තවදුරටත් පහත වැටීම වැලැක්වීමය. කර්මාන්තකරුවන්ට, ගොවි මහතුන්ට සහ වැවිලි ක්ෂේත‍්‍රයේ යෙදෙන්නන්ට තම කාර්යය දෛනිකව ඉටුකිරීමට අවස්ථාව ලබා දීම වැදගත් තීරණයකි. මේ කාලයේ තේ කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට විශේෂ දායකත්වයක් ලබා දිය හැකිය.

දකුණු කොරියාව, චීනය, ජපානය සිදුකර ඇත්තේ කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ වෛද්‍ය පරීක්ෂණ බහුලව සිදු කිරීමයි. එම රටවල කර්මාන්ත ක‍්‍රියාකාරීව පවත්වා ගැනීමට මේ තත්ත්වය හේතු විය. දකුණු කොරියාව මෙම තත්ත්වයෙන් මිදීමට තැත්කළ අයුරු ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමෙහි විද්‍යාඥයන් ඒ දිනවල අධීක්ෂණය කරමින් සිටියේය. ඒ පිළිබ`දව දකුණු කොරියාවේ විද්‍යාඥයන් සමග සාකච්ඡුා කිරීම් ද සිදු කළේය.

අප සෑම දෙනාම රට නැවත යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතිය යුතුය. අපද ඒ ස`දහා රජයට සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට සහය විය යුතුය. අපගේ දේශීය නිෂ්පාදනයට තැනක් දිය යුතුය. අපට අවශ්‍ය ආහාරයෙන් අප මවුබිමට අනිවාර්යයෙන් ස්වයංපෝෂිත විය හැකිය. අප මවුබිම ¥පතක් වීම අපට වාසිදායකය. දේශීයව සිතීමෙන් දේශීය නිෂ්පාදන භාවිතයෙන් සහ මිල මුදලට, බලයටම නතු නොවීම, මේ දිනවල අප ඉගෙන ගත යුතු පාඩමකි. අපේ මවුබිම තවමත් වාසනාවන්තය. රටට ආදරය කරන නායකයන් උගතුන් බුද්ධිමතුන් තවමත් අප රටෙහි සිටීම මවුබිමට වාසනාවකි. මෙම උවදුරෙන් අප මවුබිම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පැමිණිය හැකි බව විශ්වාස කරමින්, ධනාත්මකව සහ ඵලදායී ලෙස අප තවදුරටත් කටයුතු කරමු.

මීළඟට අප මේ වසංගතය හමුවේ ජනතාව සමාජ වගකීම සහ වගවීම හරියාකාරව සිදු කරන්නේද යන්න සලකා බලමු. සමාජ වගකීම සහ වගවීම යනු තමන්ගේ යුතුකම් සමාජයට ඉටු කිරීමයි. සමාජයට අහිතකර දෙයක් නොකිරීමයි. පුද්ගලයකුගේ ක‍්‍රියාවන් සමස්ත සමාජයටම ප‍්‍රයෝජනවත් විය යුතුය. අප රටෙහි සියලූ ජනතාවගෙන් සමාජ වගකීම සහ වගවීම හරියාකාරව සිදුවෙනවා ද යන්න ප‍්‍රශ්නයකි. සමාජය දෙස බැලීමේ දී අපට මේ ප‍්‍රශ්නය මතුවේ. ජනයාගෙන් බහුතරයකින් මේ වගකීම් මැනවින් එසේ සිදුවෙනවා නම් මෙම රෝගය පැතිරීම නවත්වාගත හැකිය. සමහරක් රටවල උදා: චීනය, පින්ලන්තය අධ්‍යාපනය හරහාම සමාජ වගකීම, වගවීම ඔවුන්ට ඉගැන්වේ. එබැවින් සියයට90 ක ජනතාවගෙන් සමාජ වගකීම ඉටුවීම ඉතා ඉහළින් සිදුවේ. එබැවින් අද පවතින තත්ත්වයේදී ඔවුනට ආර්ථිකයද සමබර කර තීරණගත හැකිය. නිවෙස්වල සිට තම රාජකාරී කරන මෙන් රජය අවවාද කළ විට එය අකුරටම පිළිපදී. මෙය සමාජ වගකීමක් සහ වගවීමක් ලෙස ඔවුන් පිළිපදී.

ජනතාවට ලබා දෙන අධ්‍යාපනයෙන් සහ පුහුණු කිරීම් තුළින් නීතියට ඔවුන් ගරු කරයි. රජයෙන් දෙන අවවාද ඔවුන් අකුරටම පිළිපදී. මෙය සමාජ වගකීමක් ලෙස ඔවුන් සළකයි. මෙය ප‍්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය තුළින් ලැබිය යුතු දෙයකි. අප රටෙහි උගතුන් කියාගන්නා සමහරක් ජනතාව තමන්ගේ පෞද්ගලික වාසි ස`දහා සමාජ වගකීම නොතකයි. සමහර ජනතාවට තමන්ගේ සමාජ වගකීම කුමක්ද කියාවත් නොතේරෙන බව පෙනේ.

හො`දම උදාහරණය නම් වසංගතය වැඩියෙන් පැතිරෙන දිනවල ජනයාට නිවස තුළම සිටිය යුතු යැයි රජය කියා සිටින්නේ මේ රෝගය පාලනය කිරීමට හො`දම මාර්ගයක් බැවිනි. සමහර ජන කොටස් දේශපාලන හෝ තම පෞද්ගලික ”ලකුණු ගැනීමේ’’ පරමාර්ථයෙන් නොයෙකුත් සමාජීය ක‍්‍රියාවල යෙදෙති. මොවුන් සමාජයට විශාල වරදක් කරන බව නොදනී. එය නිවෙස්වල රැු`දී සිටින අයට කරන අසාධාරණයක් බවද ඔවුන් නොදනී. අපගේ ඇතැම් ජන කොටස් සෑම දෙයක්ම නොමිලේ දෙනකම් බලා සිටී. එනමුත් තවත් ජන කොටසක් එක් තැනකට වී (ිදජස්ක ාසිඒබජැ දර ිදජස්ක සිදක්එසදබ* තම රාජකාරියෙහි යෙදීමෙන් යම් මුදලක් සොයා ගැනීමට බලයි. රජය විසින් මෙම රෝග තත්ත්වය පාලනය කිරීම, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයව නොමිලේ රැුකබලා ගැනීම ස`දහා අධික මුදලක් වැයකළ යුතුය. එබැවින් අනික් ජනතාව නිවෙස්වල සිටිමින් යම් වගාවක් සිදුකර හෝ මහන්සි වී වැඩකළ යුතුය.

ජනාධිපති, අගමැති, හමුදාපති, ත‍්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය නිලධාරීන් තමන්ගේ කර්තව්‍ය ඉතා ඉහළින් සිදු කරන බැවින් අද අප මෙම තත්ත්වයෙන් රෝගය පාලනය කරගෙන සිටීම පිළිබ`දව අප සතුටු විය යුතුය. අපගේ කෘතඥතාවය ඔවුනට පුද කළ යුතුය. සෞඛ්‍ය සේවයෙහි යෙදෙන්නන්ගේ විශිෂ්ඨ කැපවීම, මවුබිම වෙනුවෙන් කරන සේවය නිසා අද අප මෙම මට්ටමේ පවතී. ඔවුන්ටද අප සැමගේ කෘතඥතාව පුද කළ යුතුය. අනිකුත් ජනතාව සෑම විටම නිවස තුළ සිට සහ පිටට යන විට සෞඛ්‍ය උපදෙස් අනුව හැසිරීමෙන් අපගේ සමාජ වගකීම ඉටුකළ යුතුය. ඒ නිසා මේ දිනවල අත්‍යාවශ්‍ය වන්නේ රජයෙන් සහ සෞඛ්‍ය අංශ මගින් දෙන අවවාද සියල්ලම අකුරටම ඉටුකිරීමය. උපදෙස් දෙන අවස්ථාවලදී තම නිවෙස්වල සිටීමය. රජය එසේ කියන්නේ අපගේම ආරක්ෂාවටය.

දෙවන රැල්ලේ පැතිරීම අනුව අප රට තවත් ඉහළ අවදානමකට වැටී ඇත. පවුල් පිටින් රෝගී වීම් ද වාර්තා වී ඇත. එසේ පවුල් පිටින් ආසාදිත වුවහොත් වෛරසය පැතිරීම නවත්වා ගැනීමට අපහසු විය හැකිය. ඇතැම් ජනතාව එක ළඟ ගෙවල්වලට නිතර ගමන් කරයි. ඔවුන්ගේ ආගමික නායකයන් ද එසේ නොකළ යුතු යැයි කිව යුතුය. රෝගයෙහි බැ?රුම් තත්ත්වය පහදා දියයුතුය. සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීති කඩන ජනතාවට ඔවුන්ගේ දේශපාලන බලවත්කම් නොසළකා නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ද`ඩුවම් දිය යුතුය. වෛරසයට බලවත්කම් නැත. දේශපාලනය නැත.

මේ අප ගෙවමින් සිටින්නේ රටෙහි කිසියම් තීරණාත්මක කාලයකි. කෑම බීම සහ මුදල්වලට වඩා පවුලේ සියල්ල ජීවත් වීම වඩා වැදගත්ය. අවදානම් කලාපවල අය පිටට යෑමට අවශ්‍ය නැත්නම් තියෙන දෙයක් කාබී නිවාස තුළම රැුදී සිටීමෙන් සහ අනෙකුත් නිසික‍්‍රියාමාර්ග ගැනීමෙන් මෙම රෝගයෙන් අපට රටක් ලෙස ගොඩ ආ හැකිය. රජය මගින් තද නීති රීති දමන්නේ තමන්ගේ ආරක්ෂාවටම බව සියලූම ජනතාව වටහා ගත යුතුය.

රජය ඇ`දිරි නීතිය හෝ සංචරණ සීමා පනවා ඇති කාලවලදී අත්‍යවශ්‍ය සේවා හා රාජකාරි අවශ්‍යතාවලට හැර නිවසින් පිටත යෑම වැලැක්වීම තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති නම් නිවාස තුළ සිටින අයටද කරන්නේ අසාධාරණයකි. ඒ අය නිසා රෝගය පාලනය කිරීමට අපහසු වීමෙන් රටෙහි පහළ වැටෙන ආර්ථිකයටද ඔවුන් වගකිව යුතුය. මේ කාලයේ දී සමාජ සේවය බොහෝ ප‍්‍රවේසමෙන් කළ යුතුය. හේතුව අපේ සතුරා ඇසට නොපෙනෙන බැවින් කොහේ සිටී දැයි කිසිවකුටත් නොපෙනේ. එබැවින් අඩුවෙන් කා බී හෝ නිවස තුළම සිට රෝගය පාලනය කර ගනිමින් මේ දුෂ්කර කාලයේ සිටිය යුතුය. මේ එලෙස ජීවත්වීමට එළඹ ඇති කාලයකි. එසේ අපගේ වගකීම් සහ වගවීම් නිසි ලෙස ඉටු කිරීමෙන් මවුබිම නැවත යථා තත්ත්වයට හැකි ඉක්මනින් පත්කළ හැකිය. එය රජයට සහ සෞඛ්‍ය අංශවලට විශාල ශක්තියකි. එය එසේම වේවායි අප සැම හද පත්ලෙන්ම ප‍්‍රාර්ථනය කරමු. එය අප සියලූ දෙනාගේම වගකීමක් සහ වගවීමක් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More