දේශීය පුවත්

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මින් ඉදිරියට සමගි ජනබලවේගය යටතේ මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත්ය.

මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල සමගි ජනබලවේගය යටතේ නාමයෝජනා ලබාගත් නියෝජිතයින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලූ මතුවන බවත් ඒ මහතා පවසා සිටියේය.

රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් මහත්වරුන් ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාවක් ඔවුන්ටද නැතැයි ලක්ෂමන් කිරිඇලල මහතා පවසා සිටියේය.

කබීර්, හලීම්, මුජිබර් හා මරික්කාර් වැනි තම පක්ෂය සමඟ දුකේදීත් සැපේදීත් එකට සිටින මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින් පමණක් තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කිරිඇල්ල මහතා පවසා සිටියේය.

තම පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගෙන මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තුවට තේරී පත් වී පැමිණ තීරණාත්මක අවස්ථාවලදී පක්ෂය පාවාදුන් අවස්ථා රැසක් තිබෙන  නිසා ඒවා සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ඔවුන්ට සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට තීරණය කළ බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කිරීමට මෙරට මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් පුරා ක්‍රියා කළ බව පවසන කිරිඇල්ල මහතා තව දුරටත් එම පක්ෂවල ප‍්‍රාණ ඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සූදානම් නොමැති බවත් අවධාරණය කළේය. වසර 20 ක් තිස්සේ කළ අඥාන ක්‍රියා මින් ඉදිරියට සමගි ජන බලවේගය පක්ෂය නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.

නැගෙනහිර පළාතට පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව නොදී පක්ෂය මගින්ම මුස්ලිම් අපේක්ෂකයින් ඉදිරිපත් කළේ නම් තවත් මන්ත‍්‍රී ධුර තුනක් පක්ෂයට ලැබීමට ඉඩ තිබූ බවද කිරිඇල්ල මහතා පවසා සිටියේය.

මුස්ලිම් ජනතාව අද මුහුණ දෙන ප‍්‍රශ්න වලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය පැවතියේ නම් හැකියාව තිබූ නමුත් අද මුස්ලිම් ජනතාවට විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ නොයෙකුත් හිරිහැර විඳීමට සිදුව තිබෙන බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේම සහායෙන් සම්මත කරගත් විස්ස අද මුස්ලිම්වරුන්ටම පාරාවළල්ලක් වී ඇතැයි අවධාරණය කළේය.

මුස්ලිම් දේශපාලනඥයින් රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දුන් අතරම කොවිඞ් මරණ ආදහනය කිරීමට එරෙහිව බොරු විරෝධයක් මවා පාමින් සිටින බවද පෙන්වා දුන්නේය.මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මතු වෙමින් තිබෙන බවද කිරිඇල්ල මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More