දේශීය පුවත්

ආයුර්වේද ඖෂධ ලබාදීම මගින් වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල කොරෝනා ආසාදිතයන්ට වෛරසය අඩුවී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති ප්‍රසාද් හේවාගමගේ මහතා සඳහන් කරයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේශීය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් බොරැල්ල ආයුර්වේද රෝහල මගින් ලබාදෙන බවත් පල්ලෙකැලේ රෝහලේද කොරෝනා රෝගීන් සඳහා ආයුර්වේද චිකිත්සක කටයුතු සිදුකරමින් සිටින බවයි.

කොරෝනා රෝගය සුව කිරීමට දැනට ඉදිරිපත් කර ඇති දේශීය ඖෂධ පිළිබඳ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් නිසි අධීක්ෂණයක් සහ නියාමනයක් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

නව ඖෂධ අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්, සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී පරීක්ෂාවකින් පසු ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබාදීම සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

සාදික්කා අධි මාත්‍රාවක් භාවිතා කළහොත් එය විෂ සහිත වන බවද; එවැනි ඖෂධ හිතුමනාපෙට භාවිතයට නොගන්නා ලෙසත් අධිමාත්‍රාවන් ශරීරයට අහිතකර බවත් ඔහු අවධාරණය කරයි. ඒ මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More