දේශීය පුවත්

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව ගොඩ ඉඩම්වල වැලි සහ පස් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ තීරණය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයටද උපදෙස් දී ඇති බවයි.

මෙම බලපත්‍ර පොල් ඉඩම් විනාශ කිරීමට යොදා ගන්නා බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර; විශේෂයෙන් වයඹ පළාතේ පොල් ඉඩම් විනාශ කෙරෙමින් සිදු කෙරෙන මෙම ජාවාරම නැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයටද වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

නිසරු පොල් ඉඩම්වල වුවත් වැලි සහ පස් කැණීමට අවසර ඉල්ලන්නේ නම් , හිතාමතා පොල් ඉඩම් නිසරු වීමට ඉඩ හැර ඇතිදැයි යන්න විමසා බලා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේ ය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , මෙම තත්ත්වය වර්තමානයේ වාර්ෂික පොල් ඵලදාව කෙරෙහි මෙන්ම පොල් මිල ඉහළ යාමට ද බලපා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More