දේශීය පුවත්

කල්මුණේ කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය වන අන්තවාදී මුස්ලිම් සංවිධානයක තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන තිබේ.

සුපර් මුස්ලිම් නමින් මෙම සංවිධානය හඳුන්වන අතර එහි නායකයා වන්නේ කලන්දර් ලෙබ්බෙ මොහොමඞ් නමැත්තාය. මොහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන වෛද්‍යවරයෙකි.

මොහු රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව 2004 සුනාමි මුදල් අයථා ලෙස යොදාගෙන සංවිධානය පටන් ගෙන ඇත. එම කාලයේදී නිවසේ සිට ඉස්ලාම් ධර්මය ද උගන්වා ඇත. 2019 මුල් කාලයේ සිට සුපර් මුස්ලිම් සංවිධානය යොදවා අන්තවාදී ක‍්‍රියා ආරම්භ කර ඇති අතර මේ වන විට ක‍්‍රියාකාරී සාමාජිකයන් 300 පමණ ඇත. ඊට අමතරව මේ හා සම්බන්ධ 1000 කට ආසන්න පිරිසක් ඔහු සමග කටයුතු කරන බව හමුදා බුද්ධි අංශ වෙත වාර්තා වී තිබේ.

කලන්දර් ලෙබ්බෙ මොහොමඞ් දැනට කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචි නිවසේ අන්තවාදී දේශන පිරිමි සහ කාන්තාවන් සඳහා සිදුකරන අතර, පොතුවිල් හා මාතර ප‍්‍රදේයේද දේශන පවත්වා ඇත. ශරියා නීතිය අනුව පාලනයක් පවත්වාගෙන යෑම මොවුනගේ අරමුණයි.

සුපර් මුස්ලිම් සංවිධානයේ සාමාජිකයන්ට දෙමාපියන්, සහෝදර/සහෝදරියන් හා නෑදෑයින් සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් කර තිබේ. එසෙම වෛද්‍ය ප‍්‍රතිකාර ප‍්‍රතික්ෂේප කරන අතර කාන්තාවන්ට නිවෙස් වලින් පිටවීම තහනම් කර තිබේ.

චතුර පමුණුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More