දේශීය පුවත්

දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට අසිරිමත් දර්ශණ අහසේ නැරඹීමේ අවස්ථාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 2.00 – 4.00 පමණ දක්වා උදාවනු ඇත.

මෙය නැරඹීමට අපට අවශ්‍ය කරන්නේ පැහැදිලි ගුවන්තලයක් සහ එය නැරඹීමට ස්ථානයක් තෝරාගැනීම පමණි. අද – හෙට දෙදින අමාවක නිසා මෙය පැහැදිළිව දැකගැනීමේ අවස්ථාව අපට උදා වේ.

මෙම ‘ගෙමිනිඩ්’ උල්කාපාත වැස්ස සමස්ත ලෝකයටම දර්ශනය වනු ඇත

ඇතැමුන් පසුගිය ආසන්න මාසවලත් උල්කාපාත නරඹා තිබිය හැකි නමුත් දෙසැම්බරයේ දී ලෝකයට දකින්නට ලැබෙන්නේ ‘උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්මයි’.

“තාරකාවක් පිටුපස පැතිර පවතින වල්ගා වැනි දූවිලි වලාවන් අතරින් පෘථිවිය ගමන්ගැනීමේ දී උල්කාපාත වැසි ඇතිවෙන” බව එක්සත් රාජධානියේ රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥවරියක වන පැට්‍රීෂියා ස්කෙල්ටන් (Patricia Skelton) පවසයි.

“ගෙමිනිඩ් තාරකා වැස්ස අපූරු දර්ශනයක්. එය ෆයිටන් 3200 යනුවෙන් නම්කරනු ලැබ ඇති තාරකාවක එල්ලී පවතින දූවිල්ලයි,” පැට්‍රීෂියා පවසන්නීය.

අන්ධකාර රාත්‍රිය ජීවිතයේ සදා මතකයේ රැඳෙන අහස් දසුනක් නැරඹීමට හොඳ අවස්ථාවක් වනු ඇතැයි පසන ඇය “උල්කාපාත පෘථිවි අවකාශයට පතිතවන්නේ තත්පරයකට කිලෝමීටර් තිස්පහක (35) වේගයකින්. එනම් පැයකට කිලෝමීටර් 130,000කට කිට්ටු වේගයකින්,” යයි වැඩිදුරටත් පවසයි.

“කහපාටින් ඇතැම්විට හරිත සහ නිල පැහැයෙන් රෑ අහස පුරා ආලෝකධාරාවන් දකින්නට බලාපොරොත්තු වෙන්න! හැම දිශාවකටම උල්කාපාත ගමන් ගැනීමත් සමඟ දකින්න ලැබෙන්නේ එවැනි දර්ශනයක්!” ඇය තවදුරටත් විස්තර කරන්නීය.

අප ජීවත්වෙන ග්‍රහලෝකය අභ්‍යවකාශයෙහි ඉතිරිව ඇති සුන්බුන් අතරින් ගමන්ගන්නා විට නොමිලේම අලංකාර රාත්‍රී අභ්‍යවකාශ සංදර්ශනයක් ද නැරඹීමට සෑම වසරකම අපට අවස්ථාව උදාවෙයි.

දෙසැම්බර් මාසයේ 13-14 දිනවල එහි උච්ඡතම අවස්ථාවේ දී පැයකට කඩාවැටෙන තරු සංඛ්‍යාව 120ක් පමණ වෙයි.

එවැනි අපූරු සුන්දර දර්ශනයක් නැරඹීමට වඩාත් උචිතවන්නේ අඳුරු පරිසරයකි. එහෙත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදීත් එම දර්ශනය නැරඹීමට හැකිවනු ඇත.

මෙවර පුරහඳ සැඟවී අමාවක උදාවී ඇති බැවින් අහස්තලයේ අඳුර මැද උල්කාපාත සංදර්ශනය හොඳින් නැරඹීමට අවස්ථාව උදාවී පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More