පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් හෙට (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින්නේ මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින් පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව සහ ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
හෙට (14) දින අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...