පුරවැසි කොලම

“ඔවුන් වෙඩි තිබ්බේ අහසේ පියාසර කරන කුරුල්ලන්ට.අපි සියලු දෙනාගේම හිත්වල කීරි ගැහෙන වේදනාවක් තිබ්බා.ජාතියක වේදනාව සමනය කරන්නට මට අවශ්‍ය වුණ දේ මම පාපන්දු තරඟයේදී කළා” යැයි මැරඩෝනා මුළු මහත් අදිරාජ්‍ය විරෝධී ලෝකයක් ඉදිරියේ හඬ නගා කීවේය. 
වසර ගණනාවක් පුරා ඇදුණු ෆෝක්ලන්ඩ් දූපතට එරෙහි යුද්ධය 1982 දී අවසන් වන්නේ දූපත ආර්ජින්ටිනාවට අහිමි වීමෙන් හා එංගලන්තයට හිමි වීමෙන්.දෛවයේ සරදමකට මෙන් 1986 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබුවේ මේ රටවල් දෙක. එංගලන්තයට එරෙහි තරඟය ආර්ජින්ටිනුවානන්ට ආත්ම ගරුත්වය පිළිබඳ තරඟයක් වුණා. සෑම ආර්ජින්ටිනා වැසියෙක්ටම සොම්නස උරුම කර දුන් දියාර්ගෝ මැරඩෝනා තරඟයේ වාර්තා කළ ගෝල දෙකම තම නම ඉදිරියේ සටහන් කළා. තරඟය අවසන් වන්නේ ගෝල 2ට -1 ක් ලෙස ආර්ජින්ටිනුවානන්ට ජයග්‍රහණය උරුම කර දෙමින්.
මැරඩෝනා අධිරාජ්‍යවාදයට එරෙහිව කටින් හා කකුලෙන් පිළිතුරු දුන්නා.

1994 ෆිෆා පාපන්දු උළෙලේ සත්කාරක රට වූයේ අමෙරිකාවයි. අමෙරිකාවට වුවමනා වූයේ මැරඩෝනා අමෙරිකානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බවට පත් කර ගැනීමටයි. එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මැරඩෝනා අමෙරිකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත් වූවා. එවකට අමෙරිකාවේ රාජ්‍යය ලේකම්වරයා වූ හෙන් රි කිසිංගර් මැරඩෝනා හට පෞද්ගලිකවම කතා කොට පවසා සිටියේ අමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජික ක්‍රීඩකයෙකු වීම නිසා ලැබෙන අති විශාල මුදල් කන්දරාවට කිසිදු බදු මුදලක් අමෙරිකානු රජය අය නොකරගන්නා බවයි. තවද කිසිංගර් මැර්ඩෝනාට පවසා සිටියේ අමෙරිකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වීමට අවශ්‍යය අමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමට ආජන්ටිනාවේ පුරවැසිභාවය අත් හැරීම අත්‍යාවශ්‍යය නොවන බවයි. ඒ අනුව මැරඩෝනා අමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමට අවශ්‍යය ලිපි ලේඛන ගෙන්වා ගත්තේය. මැරඩෝනා එම ලේඛන හොඳින් පරිශීලනය කිරීමේදී අවබෝධ වූයේ අමෙරිකානු පුරවැසිභාවය ලබාගන්නා කිසිවෙකු වෙයිද ඔහු අනිවාර්යෙන්ම රටවල් දෙක අතර සිදුවන ඕනෑම සිද්ධියකදී අමෙරිකාවට පක්ෂපාතිත්වය විය යුතු වන බවට කොන්දේසියක් ඇති බවයි. ඔහු වහාම අමෙරිකාවට දන්වා සිටියේ අමෙරිකාවේ පුරවැසිභාවය සහ අමෙරිකානු මුදල් වලට වඩා ආජන්ටිනාවේ පුරවැසිභාවය තමන්ට සිය දහස් ගුණයකින් වටිනා බවයි.

ඔහුගේ එම සෘජු ප්‍රකාශය ලෝක අධිරාජ්‍ය විරෝධී ජනයා මැරඩෝනා යනු සෑබෑ අධිරාජ්‍යවාදයට එරෙහි මිනිසෙකු ලෙස හඳුනා ගැනීමට ප්‍රබල සළකුනක් වූවාය.
පාපන්දු ක්‍රීඩාව තුල හමුවන සොදුරුතම හදවත ඇති මිනිසා මේ මිය ගිය මැරඩෝනාය.
2016දී ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය හමුවෙි මැරඩෝනා පැවසුවේ එකම එක වදනකි.⁣
”ෆිදෙල් සහෝදරයාගේ මර්ණය නිසා ඇතිවන මේ වේදනාව දෙවැනි වන්නේ මාගේ තාත්තගේ මරණය සිදුවූ මොහොතේ ඇතිවූ වේදනාවට පමණයි” යනුවෙනි.
තමන්ට පමණක් ආදරය නොකළ මැරඩෝනා මිය ගියේය. එහෙත් ඔහු මුළු ලෝකයටම ආදරය කළ නිසාම පෙරලා මුළු ලෝකයක් ඔහුට ආදරේ කළේය.



”දේහයෙන් උස් නොවූ

එහෙත් මනුෂ්‍යත්වයෙන් උස් වූ


සොඳුරු සහෘදයානෙනි”,


ඔබට සුබ ගමන්…

උවිඳු විජේවීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More