පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව මගින් කෙරෙන විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති අතර; එතෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු පැවරීමට ගත් තීරණය ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. පාස්කු ප්‍රහාරය එල්ල වූ ස්ථාන අටට වෙන වෙනම නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර සූදානම් විය.
එහෙත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත අතර එම විමර්ශන වාර්තාවද අධ්‍යයනය කිරීමෙන් පසු නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දැනට නඩු පැවරීමට මුල්වී ඇති කරුණු සහ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා අතර පරස්පරතා ඇති වුවහොත් නඩු පවත්වා ගෙන යාමට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගෙන තිබීම ඊට හේතු වී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර හා නීතිපති දප්පුලද ලිවේරා අතර සඳුදා (07) දින පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් කරුණු පිළිබඳව අමාත්‍යවරයා කාදිනල් හිමිපාණන්ද දැනුවත් කර ඇත.
එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කර ඇත්තේ ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...