දේශීය පුවත්

සෙල්ලිපියක මිරිස් අඹරලා

December 13, 2020 6:35 am | Lanka Lead News

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි විජිතපුර බළකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක; මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුවී ඇත.

අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරව මෙම ඉදිකිරීම සිදුකර තිබුණ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (12) දින සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී සොයාගත් ඇඹරුම්ගල, පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට පොලීසිය සැකකරයි.

අත්අඩංගුවට පත් පිරිස අතර; අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා, තාප්පය ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝ රථ රියදුරු ඇතුළු සහාය දැක්වූ පිරිසක් සහ එම නිවසේ හිමිකරු ද වන බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් හෙට (13) දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More