ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය ධීවරයන් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම වළක්වන බවට පොරොන්දු වී දින දෙකක් ගතවීමත් සමගම ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු ප‍්‍රදේශයද 8 දා රාත‍්‍රී ආක‍්‍රමණය කළ බව මුලතිව් ධීවරයෝ පැවසූහ.
ඉන්දීය ධීවරයන්ගෙන් මෙතෙක් විශාල හිරිහැරයක් පැවතියේ යාපනය හා මන්නාරම මුහුදු තීරයට වූවත්, පසුගිය දින දෙක ඇතුළත ඉන්දීය ටෝලර් යාත‍්‍රා 60 කට වැඩි සංඛ්‍යාවක් මුලතිව් මුහුදු ප‍්‍රදේශයට පැමිණි බව මුලතිව් ධීවරයෝ කියා සිටියහ.
නාවික හමුදාවේ යාත‍්‍රා පැමිණෙන විට ඉන්දීය ධීවරයන්ගේ යාත‍්‍රා මුලතිව් මුහුදු සීමාවෙන් ඔබ්බට යාත‍්‍රා කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට නොහැකි වූ බවද මුලතිව් ධීවරයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...