ඊයේ (11) දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවේදී; පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී ඇත.
මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යංශ මට්ටමින් සිදුකළ යුතු බවත්; මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටයේ මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීම පහසු වනු ඇති බවත් මෙහිදීකොමිසමේ සාමාජිකයින් පෙන්වා දී තිබේ.
මැතිවරණ පැරණි හෝ නව ක්‍රමයට පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසත්; ඒ සම්බන්ධයෙන් මේ වන විට කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...