දේශීය පුවත්

අධිකරණ ඇමති මොහාමඩ් අලි සබ්‍රි රුපියල් ලක්ෂ 170ක් මාසික කුලිය වශයෙන් ගෙවා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනට අමාත්‍යාංශය ගෙනයාමට කර තිබූ සැලසුම ජනතා විරෝදය හමුවේ තාවකාලිකව නතර කර තිබේ.

රුපියල් කෝටි 41ක වියදමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20, 21, 22, 23 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා ලබාගැනීමට අලි සබ්‍රි ඇමතිවරයාට කැබිනට් අනුමැතියද හිමව තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටි අතර එම අවස්ථාවේ පවා අධිකරණ ඇමතිවරයා තුළ මෙම තීරණය ආපසු හරවා ගැනීමට සූදානමක් නොතිබිණි.

ඉන් පසු අධිකරණ අමාත්‍යාංශය සඳහා රුපියල් ලක්ෂ 170ක මාසික කුලියක් ගෙවමින් මෙම ගොඩනැගිල්ල ලබාගැනීමට සූදානම් වීමද පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ රුපියල් ලක්ෂ 210ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ලබා ගැනීමේ සිදුවීම හා සමාන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවටත් අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයාටත් එල්ල විය.

එමෙන්ම අද (12) පෙරවරුවේ ජනතා නීතීඥ සංගමයේ පිරිසක්, රාජ්‍ය සේවකයින් සහ සිවිල් පුරවැසියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ පිහිටි අලුත් කඩේ අධිකරණ භූමිය ආසාන්නයේ ඉදිකර ප්‍රයෝජනයක් නොගෙන තිබෙන මහල් 12කින් යුත් ගොඩනැගිල්ල ඉදිරිපිටට ගොස් විරෝධතාවයක් දක්වමින් පැවසූවේ කෝටි ගණන් මුදල් වියම් නොකර මෙම ගොඩනැගිලේ අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාමට හැකි බවයි. එහි එ් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇතැයිද ඔවුන් පෙන්වා දෙන ලදී.

මෙලෙස එල්ල වූ සියලුම ආකාරයේ විරෝධතා හමුවේ මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙනයාමේ තීරණය තාවකාලිකව නතර කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More