ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීම සඳහා උවමනා ඉඩ ලබා දීමට වසර දෙකක් සඳහා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමට මුලින් සැලසුම් කළ ද ඊට එරෙහිව නැඟූන චෝදනා නිසා; අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට රැගෙන යාමේ තීරණය අත්හිටවූ බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගෙන් එල්ලවූ විවේචන හමුවේ, අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමේ සැලසුම හකුලා ගැනීමට විෂයබාර අමාත්‍ය අලි සබ්රි තීන්දුකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...