මධ්‍ය අප්‍රිකානු රටක් වන “සැම්බියාවේ” සාම සාධක රාජකාරීන්හි නිරත “ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය” මගින් බුද්ධි තොරතුරු නිරීක්ෂණ සහ මුදවාගැනීම් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.
බෝරෝමාටා හි කෙවේ ගම්මානයට පසුගිය දෙසැම්බර් 1 වැනි දින අරාබි මෙසිරියා ජන්ජාවීඩ්ස් කැරලිකරුවන් සිදුකළ ගිනිතැබීමෙන් ගම්වැසියන් 2000කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව ඇති අතර; විපතට පත් ගම්වැසියන් බේරා ගැනීමට, ඔවුන් සඳහා ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කිරීම සහ සාමයට බාධා කළ හැකි සන්නද්ධ කැරලිකරුවන් සොයා ගැනීමට අංක 62 ගුවන් යානා බලඝණය මගින් බුද්ධි තොරතුරු නිරීක්ෂණ සහ අවේක්ෂන ගුවන් ගමන් වාර 8ක් සිදුකර ඇත.
එමෙන් ම, සැම්බියානු භටයින්ට ගුවනින් සහය දැක්වීම සඳහා ගුවන් ගමන් වාර 3ක් සිදුකිරීමට හෙලිකොප්ටර් යානා දෙකක් එම ප්‍රදේශය වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහිදි සිදුකළ සේවයට ප්‍රශංසා කළ දුත මණ්ඩල නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ කැපවිම ඇගයිමට ලක් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...