අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින් බින්තැන්නපත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ, ජීවයේ අයිතිය පරිසර සංවිධානය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාද හවුල් වී විරෝධතාවක් දියත් කර තිබේ.
මෙම විරෝධතා ව්‍යාපාරය දෙසැම්බර් 10 දින මහඔය නගරයේ දී පැවැත්වූ අතර; එහිදී උද්ඝෝෂකයින් පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද – රඹකැන්ඔය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වනවිට සමාගම් ගණනාවකට බඩඉරිඟු වගාව සදහා ලබා දී ඇති බවයි.
එම වනාන්තර කේන්ද්‍ර කරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයි ද එපමණක් නොව, කිරි ගොවීන් හා සුළු පරිමාණ ගොවීන් ද අවතැන් වී පීඩාවට පත්වන බවට ද උද්ඝෝෂකයෝ තව දුරටත් අවධාරණය කර සිටිති.
මෙම අවිචාරවත් වනාන්තර එළි කිරීමෙන් අලි-මිනිස් ගැටුම වර්ධනය වනවා සේම පානීය ජලයට අධික ලෙස කෘෂි රසායන එක්වීම තුළින් ප්‍රදේශයේ ජනතාව රෝගී තත්ත්වයට පත් වීමේ අනතුරත් එහිදී අවධාරණය කර තිබේ.
එම අවදානමෙන් ජනතාව මුදා ගැනීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දීම වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි විරෝධතාකරුවන් තව දුරටත් අවධාරණය කර ඇත්තේ ජනතාවගේ ඉඩම් අයිතිය මෙන්ම ජල සුරක්ෂිතතාව හා ජනදිවිය සුරක්ෂිත කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අපොයි