දේශීය පුවත්

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, කොරෝනා වෛරසයෙන් මියයන අයගේ මළ සිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන කාරණය ඇත්තටම අනවශ්‍ය සාකච්ඡාවක් බව පවසා සිටියහ. උන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ තුළින් අනවශ්‍යය සංවාදයක් ඇති කරන්නේ ජනතාවගේ මනස වෙන දිශාවකට යොමු කිරීමට බවද පවසා සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන් ,” කොරෝනා වෛරස උවදුර හැම තැනකම පැතිර යන්නේ ජාති, ආගම්, කුල හේතුකොට ගෙන නොවෙයි. මේ ආගමේ ඇත්තන්ට මේක එන්නේ නැහැ කියල නියමයක් නැහැ. අපි හැම දෙනාම පොදුවේ මේ ව්‍යසනයට අද ගොදුරු වෙමින් ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ තීන්දු තීරණ පාලකයන් විසින් ගත යුත්තේ ආගම පදනම් කරගෙන නෙවෙයි. පන්තිය පදනම් කරගෙන නොවෙයි. දේශපාලන බලය හෝ දේශපාලනය පවත්වාගෙන යෑම පදනම් කරගෙන නෙවෙයි. මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න ඕන සමස්ත මානව වර්ගයාට යහපත වන්නේ කුමන ආකාරයෙන්ද යන්න කියන බව තමයි මේ වෙලාවේ සිතන්න ඕන.” යනුවෙන් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More