දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට ගත් තීන්දුවට අනුව දෙවැනි කණ්ඩායම සමග පැවැත්වූ රැස්වීමේදී කියා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සියල්ල ආනයනය කිරීමෙන් කළ නොහැකි බවයි.
එම හමුව පිළිබඳ ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් පල කළ මාධ්‍යය නිවේදනය පහතින්.

=========================================================================================
“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් සමග ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය.

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව කී ජනාධිපතිතුමා ඊට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා ඇති බාධක හඳුනාගන්නා ලෙසත් පෞද්ගලික අංශයට යෝජනා කළේය.

විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා අඩාල වූ ආර්ථිකය යළි සක්‍රීය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම පරමාර්ථය කොට ගෙන ජනාධිපතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී තීරණය කළේය.

රැස්වීම පැවැත්වුණේ දෙවැනි කණ්ඩායම සමගයි. සංචාරක ව්‍යාපාරය, ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම්, සන්නිවේදන තාක්ෂණය, හෝටල් ව්‍යාපාරය, ශාඛ නිෂ්පාදන, පශු නිෂ්පාදන, කිරි කර්මාන්තය, ලුණු නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන, සුළු අපනයන භෝග, කාබනික ගොවිතැන ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛ පෙලේ ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අනුගමනය කරන ස්ථීර සාර සහ විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකයෝ 2021 අයවැයෙන් ආර්ථික වෘද්ධිය සදහා සපයා ඇති සහන පිළිබඳව මහත් සේ පැසසුම් කළහ.

තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිතුමාට පැහැදිළි කළ ඕව්හු තමන් වර්තමානයේ මුහුණ දෙන ගැටළු විස්තර කළහ. පුහුණු ශ්‍රම හිඟය, ආයතිනක අකාර්යක්ෂමතාව, ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය, ඇතැම් ශ්‍රමිකයන්ගේ උදාසීනතාව සහ නව වෙළෙඳපොළ සොයා ගැනීමේ අපහසුව ඔවුන් සඳහන් කළ ප්‍රධාන ප්‍රශ්න අතර විය.

“සමාජයේ සෑම ස්ථරයකටම ඉහළ ආර්ථික ශක්තියක් අත්කර දීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. අපේ රටේ ජනගහණයෙන් 35%ක් ගොවීන්. ජනගහණයෙන් 70%කම ජීවනෝපායට කෘෂිකර්මාන්තයේ සම්බන්ධතාවක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාව වර්ධනය කරන අතර, තරුණයන් ඊට ආකර්ශණය කරගත යුතුයි”, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට විසඳුම් සපයන බව ජනාධිපතිතුමා ව්‍යවසායකයන්ට පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල යන මහත්වරු ද සාකච්ඡාවට සහභාගී වූහ.
– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More