දේශීය පුවත්

රථවාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් මේ වන තෙක් පැන නැගී නොමැති බව “ටී.වී. දෙරණ“ 24 පැය නාලිකාව ඔස්සේ විකාශය වන “ බිග් ෆෝකස්“ වැඩසටහනට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අසන ලද ප්‍රශ්ණ වලට රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය – සල්ලි අච්චු ගහල ද 2021 මේ අයවැය හිඟය මකා ගන්න යන්නේ ?

“ඒ ආණ්ඩුව ණය අරගෙන ත්‍රිලියන 7 තිබුණ ත්‍රිලියන 13 බවට පත් කරලා රුපියල අව ප්‍රමාණය කරලා පොළී අනුපාතය වැඩි කරලා කලබල වෙන්න තත්ත්වයක් ඒ අය මවලා දුන්නා. ඒකෙන් කියවෙන්නේ නෑ අපිත් කලබලවෙලා එහෙ මෙහෙ දුවනවා කියලා. අපි ඒකට මුහුණ දෙනවා. මෙතන දී සමහර අවස්ථාවලදී සල්ලි අච්චු ගහන්න වෙනවා. සමහර අවස්ථාවලදී ණය ගන්න සිදුවෙනවා. “

ප්‍රශ්නය – රජයේ එදිනෙදා වියදම් පියවා ගන්න හැම සතියේ බදාදාම මං හිතන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වනවා. එතකොට වෙනදේසිවලින් අපේක්ෂිත ආකාරයෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ කියලා තමයි දැනට අපිට දැන ගන්න තියෙන්නේ.

“රජයට අවශ්‍ය නම් මිලියන 40ක් බිට්ස් කෝල් කරනවා. මිලියන 25ක් විතරයි ලැබෙන්නේ අවශ්‍ය පොලී අනුපාතය අනුව. ඒත් අවශ්‍යයි 40යම. සමහර විට මහබැංකුව ඒ අවස්ථාවේ දී මුදල් අච්චු ගහලා ඒක ගන්න පුළුවන්. පස්සේ තව දවසක මහ බැංකුවට පුළුවන් ඒක සෙකන්ඩ්‍රි මාර්කට් එකේ විකුණන්.“

‍ප්‍රශ්නය – ඔබ තුමන්ලා සෑහෙන්න බදු ප්‍රමාණයක් අඩු කරා. නමුත් බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ගියා ද කියන ප්‍රශ්නය අදටත් තියෙනවා.

“2019 දී උපකල්පනය කරලා තිබුණා රුපියල් බිලියන 2200ක් එකතු කර ගන්න. ඒ කියන්නේ ඉහළ බදු ප්‍රතිශතයන් යොදවලා. එතකොට එකතු කර ගන්න පුළුවන් වුණේ, 1800යි. 400ක් අඩු වුණා. අපි වැඩි කරගන්න ඕනේ අපේ රටේ තියෙන ආර්ථික ක්‍රමවේදයන්. එතකොට බදු වැඩි වෙනවා අනිවාර්යෙන්ම. එතනට යන්නේ නැතුව බදු ප්‍රතිශතය වැඩි කරන් ගිහින් අපිට මෙච්චරක් අහිමි වුණා කියලා කිව්වට වැඩක් නෑ.“

ප්‍රශ්නය – ආනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ රථ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නැවතුණා. මොකද්ද ඔබ තුමාට කියන්න තියෙන්නේ?

“තහනමක් දැම්මේ යම්කිසි ජාතික හේතුවක් නිසා. අපේ මතය තමයි අපේ රටේ තව අවුරුද්දක් යනකල් අලුත් වාහන තියෙනවා කියන එක. එකෙන් ලොකූ හානියක් වෙන්නේ නෑ මාර්කට් එකට. ගානත් වැඩි කරලා තමයි විකුණන්නේ දැන්. ඒ වාසියත් ඒ අයට ලැබෙනවා. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පෙන්නේ නෑ. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More