පුරවැසි කොලම

පසුගිය කාලයේ බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුළු රටවලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන විමර්ශනය කිරීමේදී එම ප‍්‍රහාර මෙහෙයවූවන් සොයාගැනීමට එම් අයි 6 බි‍්‍රතාන්‍ය බුද්ධි සේවාව, ප‍්‍රංශ ජර්මානු බුද්ධි සේවාවන් සහ යුරෝපෝල් සහ ඉන්ටර්පෝල් යන පොලිසිවලට හැකිවිය. ඒ එම රටට ඇතුළුවූවන් පිළිබඳව ආගමන සහ විගමන ඒකකවල පරිගණක පද්ධති විමර්ශනය කිරීමේදීය. එහෙත් අදවනතුරු කටුනායක ගුවන් තොටුපොලේ එවන් පද්ධති නැත. රටට ඇතුළු වන අන්තවාදීන් හා ආගමික දේශකයන් හඳුනාගැනීමේ පරිගණක පද්ධතියක් නොතිබීම බරපතල දුෂ්කරතාවයකි. ඊශ‍්‍රායල් මොසාඞ් සහ ෂින්බෙත් පොලිසියට මොහොතක් තුළ ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් හෝ බෙන්ගුරියන් ගුවන් තොටුපලවල් වලින් එන පාර්ශව හඳුනාගත හැකිය.

කොළඹ කුළුබඩු වෙළෙන්දකුගේ පුත‍්‍රයන් දෙදෙනකුට ජාතික තව්හිද් ජමාත් කල්ලිය සමඟ එක්වී පාස්කු ප‍්‍රහාරය දියත් කළ හැකිද යන බරපතල ප‍්‍රශ්නය මෙරට ජනතාව හමුවේ දැන් ඉදිරිපත් වී ඇත. බෝම්බ හයක් එකවිට පිපිරුන මුල්ම අවස්ථාවද මෙයයි. මෙවන් ප‍්‍රහාරයක් ප‍්‍රභාකරන් පවා දියත් කර නැත. එසේ නම් මේ බිහිසුණු ප‍්‍රහාරය පසුබිමේ සිටියේ කවුද? රහස් පොලිසියට සහ මෙරට කිසිදු බුද්ධි සේවාවකට පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධානින් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇත.

මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාව පාස්කු ප‍්‍රහාරයට උපදෙස් දුන් අය සහ ඔවුන් මෙහෙයවූවන් සොයාගෙන නැත. පසුගිය කාලයේ බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුළු රටවලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන විමර්ශනය කිරීමේදී එම ප‍්‍රහාර මෙහෙයවූවන් සොයාගැනීමට එම් අයි 6 බි‍්‍රතාන්‍ය බුද්ධි සේවාව, ප‍්‍රංශ ජර්මානු බුද්ධි සේවාවන් සහ යුරෝපෝල් සහ ඉන්ටර්පෝල් යන පොලිසිවලට හැකිවිය.

ඒ එම රටට ඇතුළුවූවන් පිළිබඳව ආගමන සහ විගමන ඒකකවල පරිගණක පද්ධති විමර්ශනය කිරීමේදීය. එහෙත් අදවනතුරු කටුනායක ගුවන් තොටුපොලේ එවන් පද්ධති නැත. රටට ඇතුළු වන අන්තවාදීන් හා ආගමික දේශකයන් හඳුනාගැනීමේ පරිගණක පද්ධතියක් නොතිබීම බරපතල දුෂ්කරතාවයකි. ඊශ‍්‍රායල් මොසාඞ් සහ ෂින්බෙත් පොලිසියට මොහොතක් තුළ ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් හෝ බෙන්ගුරියන් ගුවන් තොටුපලවල් වලින් එන පාර්ශව හඳුනාගත හැකිය.

ඊට සමාන පද්ධතියක් ස්විස් ආගමන විගමන පද්ධතියේද කි‍්‍රයාත්මකවේ. එහෙත් අපේ ආගමන පද්ධතිය අනුව ගමන් බලපත‍්‍රය පරිගණකය වෙත යොමු කර එය නිවැරදිදැයි නිරීක්‍ෂණය කරනවා මිස පැමිණෙන විදේශකයන් කවුදැයි මුළුමනින්ම ඡුායාරූප ගත නොකෙරේ. මේ පසුබිම මැද 2019 අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය එල්ල වීමට පෙර අයිසිස් කි‍්‍රයාකාරීන් කීදෙනෙක් සහ ඉස්ලාමීය ආගමික දේශකයන් හෝ පූජකවරුන් ලෙස මෙරටට පැමිණියේද?

ඒ කිසිවක් යහපාලන රජය හෝ බුද්ධි අංශ නොදනී. පසුගිය කාලයේ ආගමික දේශකයන් ලෙස 1200 ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. මොවුන් පාකිස්තානය, කටාර් සහ සවුදි අරාබියාව යන රටවලින් පැමිණ ඇත. එහෙත් මුස්ලිම් දේශපාලන බලය නිසා ඔවුන්ට අවහිර වලින් තොරව මෙරටට ඇතුල්වීමට ඉඩ ලැබුණි. මෙයට වසර කීපයකට පෙර විදේශ ආගමික දේශකයන් පිරිසක් කොළඹ මරදානේ ටෙක්නිකල් හන්දියේ ඇති නැගෙනහිර පිහිටි අක්කරපත්තුව සහ කාතන්කුඩි නගර වලට යන බස් රථ වලට ගොඩවන අයුරු අපි දුටුවෙමු. මේ බස් රථ ධාවනය වූයේ රාත‍්‍රියේදීය. එහෙත් කිසිදු පරීක්‍ෂාවක් සිදුවුණේ නැත.

මෙලෙස ආගමික දේශකයන් හා පූජකවරුන් ලෙස පැමිණි පිරිස අතර අයිසිස් බෝම්බ එකලස්කරන්නන් සහ ප‍්‍රහාර මෙහෙයවන්නන් නොසිටි බව සහතික කළහැකිද? යහපාලන රජයේ සංහිඳියාව නමැති අඥාන ක‍්‍රමය යටතේ විදේශ ආගමන කි‍්‍රයාකාරීන් මෙරටට පැමිණියහ. එසේම 2018 මැයි 04 දා කොළඹදී ශ‍්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව නමින් සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණි. එය මෙහෙයවනු ලැබුවේ ජාතික ෂුරා කවුන්සිලයයි. ඉස්ලාමීය පර්යාවලෝකය නමින් හඳුන්වනු ලැබූ මෙම සමුළුවට විදේශිකයන්ද පැමිණ සිටියහ. එහෙත් 2019 අපේ‍්‍රල් 21 දා ඇතිවූයේ ආගමික සංහිඳියාවද?

පසුගිය පාස්කු ප‍්‍රහාරය එල්ල වීමත් සමඟ රුසියානු බුද්ධි සේවාව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ ප‍්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ බවයි. ඒ සමගම රවුප් හකීම්, මුජාජිර් රහ්මන්, ජාවුඞ් යූසුප් නමැත්තන් මෙන්ම මුස්ලිම් කවුන්සිලයේ අමීන් නැමැත්තා එයට අයිසිස් සම්බන්ධ නැතැයි පැවසුවේ රහස් පරීක්‍ෂකයන් ලෙසිනි. එසේ වූවත් බංගලාදේශයේ ඩැකා නගරයේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූයේ උගත් අයිසිස් අන්තවාදීන්ගෙනි. ශ‍්‍රී ලංකාවේ සිදුවූයේද එයයි. එහෙත් මෙරට බුද්ධි අංශ ලොව රටවල් රැුසකට එල්ල වූ අයිසිස් ප‍්‍රහාර වල රටාව නිරීක්‍ෂණය කළේ නැත. මේ හැර අයිසිස් සබඳකම් පවත්වන රටවල්වල සංචාරය කෙරෙන මුස්ලිම් ජාතිකයන් කවුදැයි විමර්ශනයක් කළේ නැත. පාස්කු ප‍්‍රහාරය එල්ල වී මාස 20 ක් ගතවීමට ආසන්න අවස්ථාවේ මේ ප‍්‍රහාරය මෙහෙයවූයේ කවුදැයි අපේ බුද්ධි සේවාවන් මෙතෙක් සොයාගෙන නැත. එහෙත් ඉන්දියානු බුද්ධි සේවාව මේ ගැන නොදන්නා බව කිවහැකිද? ප‍්‍රහාරයක් එල්ල කරන අන්තවාදීන්ගේ සියළු විස්තර දන්නා ඉන්දීය බුද්ධි සේවාව එම ප‍්‍රහාර මෙහෙයවූවන් ගැනද මෙරටට දැනුම් දෙනු ලැබුවේ කල්තියාය. එසේම ප‍්‍රහාරය එල්ලවූයේ රටේ බුද්ධි අංශ අරාජික වී දුර්වල පාලනයක් පැවතීමත් බුද්ධි නිලධාරීන් 41 ක් සිරගතවී ඇති අවස්ථාවකය.

මේ නිසා ප‍්‍රහාරය මෙහෙයවූවන් බලාසිටියේ අවස්ථාව එනතුරු බව පැහැදිලිය. මේ අතර ඇතැම් පාර්ශව මෙම ප‍්‍රහාරයට ඊශ‍්‍රායල් මොසාඞ් බුද්ධි සේවාව ගෑවීමට උත්සාහ කරනු ලැබීය. මේ පසුබිම මැද යහපාලන රජයට සතුරන් හඳුනාගැනීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් මුස්ලිම් ඡුන්ද පදනම නිසා අන්ධ වී තිබුණි. එහි ප‍්‍රතිඵලය පාස්කු ප‍්‍රහාරයයි. මේ අතර යහපාලන රජය තවත් වරදක් කළේය. ඒ බටහිර රටවලට මුස්ලිම් තානාපතිවරු පත්කිරීමයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ප‍්‍රංශයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකික අන්තවාදීන් දෙදෙනෙක් මහනුවර දිගන මුස්ලිම් පල්ලි විනාශ කර ඇති බවට චෝදනා කරනු ලැබීය.මේ අන්තවාදීන් දෙදෙනා ගැන දිවයින සහ ඉරිදා දිවයින විශේෂයෙන් හෙළිකළත් එවකට පැවැති රජය ඔවුන් ගැන විමර්ශනය කළේ නැත.

එහෙත් ඊශ‍්‍රායලය මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා එල්ල කළ තැනැත්තා ගැන එම අවස්ථාවේම විමර්ශනය කිරීමට මානව හිමිකම් කවුන්සිල ශාලාවේ අසුන්ගෙන සිටි මොසාඞ් නියෝජිතවරයා කි‍්‍රයාකළේය. එසේ වූවත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය එම අන්තවාදී ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා ගැන මෙරට බුද්ධි අංශවලට දැනුම් දුන්නේ නැත. මෙම පසුබිම මැද පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූයේ කුළුබඩු වෙළෙන්දාගේ පුත‍්‍රයන් දෙදෙනා සහ සහරාන් කල්ලිය පමණක් යයි කිවහැකිද? මේ වනවිට හෙලිවී ඇති තොරතුරුවලට අනුව විදේශ බුද්ධි අංශවල සහය ලබාගැනීමටද රහස් පොලිස් විමර්ශකයන් කි‍්‍රයාකර නැත. එය බරපතල අබිහරසකි. මේ අබිරහසට හේතුව විශාල මුදල් බලයද?

කොච්චිකඬේ දෙව්මැදුර අසල තිබූ වාහනයේ අටවා තිබූ බෝම්බයට රුපියල් පන්දාහේ කොළ දමා තිබූ අතර එම බෝම්බය පලපුරුදු බෝම්බ එකලස්කරන්නකුට හැර ආගමික දේශකයකුට එය කළ නොහැකිය. මෙම තත්ත්වය මත අයිසිස් බෝම්බ එකලස්කරුවකු එම බෝම්බය එකලස් කළ බව අනිවාර්යයෙන්ම සනාථ වේ. එහෙත් මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙහෙයුමක් බවටද ප‍්‍රචාරය විය.

එසේ වූවත් කුළුබඩු වෙළෙන්දකුගේ පුත‍්‍රයන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේද? මේ අතර ජාතික ආරක්‍ෂක මණ්ඩලය පසුගිය අඟහරුවාදා රැුස්විය. එහිදී රටේ ආරක්‍ෂක තත්ත්වය ගැන සාකච්ඡුාවට භාජනය වී තිබේ. කිලිනොච්චියේදී ක්ලේමෝ බෝම්බයක් හමුවීමේ සිද්ධිය ගැනද අවධානය යොමුවී ඇත. ඊට සම්බන්ධ සිව්දෙනෙක් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් හිටපු කොටි ත‍්‍රස්තයන්ය. මෙවන් පසුබිමක් මැද මෙරට තවත් අයිසිස් කි‍්‍රයාකාරීන් නැතැයි කිව හැකිද?

මෑතකදී බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ යුරෝපා රටවලට අනතුරු හැඟවීමක් කරමින් නත්තල් සමයේ යුරෝපා රටවලට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය හැකි බව දන්වා තිබුණි. එවන් අනතුරු ඇඟවීමක් මත මද්‍රසා පාසල් වල ඉගැන්වීම් කිරීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීමට ඉඩදිය යුතුද? ප‍්‍රංශය පසුගියදා අන්තවාදී ඉගැන්වීම් මෙහෙයවූ මුස්ලිම් පල්ලි 50 ක් වසාදමනු ලැබීය. එසේම ස්විට්සර්ලන්තය මුස්ලිම් පල්ලි වල කොත් ඉතා උසට ඉදිකිරීම තහනම් කර ඇත. ස්විස් ප‍්‍රාන්ත කීපයක් බුර්කාව තහනම් කර තිබේ.

මෙවන් පසුබිමක් මැද අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට සුදුහුණු ගෑමටද මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලකයන් ඉදිරිපත් වී තිබුණි. රුසියානු බලගතු එෆ් එස් බී බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සම්බන්ධ බව සනාථ කරද්දී මෙරටින් ප‍්‍රචාරය වූයේ එය අයිසිස් මෙහෙයුමක් නොවන බවය. මේ නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය කඩිනමින් කි‍්‍රයාකළ යුත්තේ අන්තවාදීන් හඳුනාගැනීම සහ මර්දනය කිරීමේ ඒකකයක් නොපමාව ස්ථාපිත කිරීමයි. එම ඒකකයට දේශපාලන මැදිහත්වීම් වලට ඉඩ නොදීමටද බලධාරීන් කි‍්‍රයාකළ යුතු වේ.

පාස්කු ප‍්‍රහාරය අවසන් වූ බව නොසිතිය යුතු අතර ඉදිරියේ ඇතිවන අනතුරුදායක කි‍්‍රයා කෙරේ දැඩි අවධානය යොමුකළ යුතුවේ. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ ජාතික ආරක්‍ෂාව මිස මුස්ලිම් ඡුන්ද නොවේ. මුස්ලිම් ඡුන්ද පදනම මත පිහිටා කි‍්‍රයාකිරීමේ විපාකය පාස්කු ප‍්‍රහාරයයි. අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සිරියාවෙන් පරාජය වූ බව පැවසුවත් එය ඇද වැටී නැත. අයිිසිස් කි‍්‍රයාකාරීහු අපේ අසල්වැසි ඉන්දියාවෙන්ද අසුවේ. මාලදිවයිනද අයිසිස් දෘෂ්ටියට ගොදුරු වී ඇත.මෙරට සිටින මාලදිවයින ජාතිකයන් සංඛ්‍යාව 5000 කට අධිකය. එහෙත් ඔවුන්ගේ කටයුතු කෙරේ නිරීක්‍ෂණය වී තිබේද? ඉන්ටර්පෝල් පොලිසිය පැවසුවේ මාලදිවයින අයිසිස් කි‍්‍රයාකාරීන් මැද පෙරදිග රටවලට යෑමට ශ‍්‍රී ලංකාව භාවිත කරන බවයි.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More