පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු පිළිබඳ සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 11 දා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දී ඇත.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අගමැතිවරයා අතර ඊයේ පෙරවරුවේ විජේරාම පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේ පැවැති සාකච්ඡුාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.
පැරණි හෝ නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවේ මෙහිදී පවසා ඇත.
මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙහිදී පවසා තිබේ.
ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේ දී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන සිදු කිරීමට නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව ද නිලධාරීන් විසින් පෙන්වා දී ඇත.
ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි එහිදී ප‍්‍රකාශ කර ඇත.
මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවා ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...