දේශීය පුවත්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය ඊයේ (11) දහවල් අවසන් කර තිබේ.

ඒ උපවාසයේ නිරත මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් කිහිප දෙනෙකුට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීමත් සමගය.

පසුගියදා විවෘත කෙරුණු පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව (10) කොටුවේ දී උපවාසයක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් අද පැවති සාකච්ජාවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ,“මැනිං වෙළෙඳපොලේ දැනට සිටින සෑම වෙළෙඳෙකුටම අලුත් වෙළෙඳපොලේ ඉඩ ලැබෙන්න ඕනෙ. කිසිකෙනෙකුට කඩයක් නොලැබී යන්නට බැහැ. ව්‍යාපාරය කරන කෙනෙකුට. දෙවැනි කාරණය තමයි මේ වෙළෙඳපොලේ සිටින සෑම කෙනෙකුටම තමුන් දැනට සිටින ඉඩ ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩ ප‍්‍රමාණයක් ලැබෙන්නට ඕනේ කියන එක. එතකොට ඒ කඩ වෙන්කිරීමේදී පහුගිය දවස්වල මේ ව්‍යපාරික ප‍්‍රජාව ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරලා මාව දැනුවත් කළා. ඒ අනුව ඔවුන් සමගත් සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන අපිට පුළුවන් වුණා ඉතාමත්ම ප‍්‍රායෝගිකව විසඳුමකට එන්නට. ඒ නිසා මම මේ වෙලාවේ මම ස්තූතිවන්නත වෙනවා මැනිං වෙළෙඳපොලේ මේ ව්‍යාපාරික මහතුන්ට අපිට සහයෝගය දුන්න එකට.“ යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More