දේශීය පුවත්

බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ. මධුෂාන් මහතා පවසා සිටින්නේ; බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජීවත් වන විසි දහසෙන් පී.සී.ආර්. පරීක්ෂණසඳහා සහභාගිවී ඇත්තේ පුද්ගලයන් 1541 (8‍%)ක් බවත් ඉන් 547 ( 35%) දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත්ය.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි වීම මග හැරීම නිසා පසුගිය බ්‍රහස්පතින්දා යුද හමුදාව ද මැදිහත්ව පුද්ගලයින් ඒ සඳහා යොමු කිරීමට ගත් උත්සාහයද ව්‍යර්ත වී ඇත. ඒ අනුව එම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 18,459 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ඇති බවත් ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බවත් හෙතෙම කීවේය.

පසුගිය 10 වැනිදා අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා හාරසිය දෙනකු කැඳවා තිබුණද ඒ සඳහා පැමිණ ඇත්තේ පනස් දෙනකු පමණයි.

ඊට අමතරව පසුගිය 02 වැනිදා එම ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයකු රැගෙන ඒමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිත පුද්ගලයා විසින් කෙළ ගැසීමේ සිද්ධියක් ද වාර්තා විය.

එම නිසා මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් කළුතර දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More