දේශීය පුවත්

ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවට අයත් ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි පමුණුවමින් මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකර ඇති බව වාර්තා වේ.

අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පැවසුවේ සිය අවසරයකින් තොරව අදාළ තාප්පය ඉදිකිරීමට එම පල්ලිය කටයුතු කර ඇති බවය.

අනුරාධුපර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරය.

එම ප්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන අතර අදාළ තාප්පයේ ඉදිකිරීම් හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මුස්ලිම් පල්ලිය සහ ඊට යාබදව පිහිටි සුසාන භූමිය වෙන් කරමින් අදාළ තාප්පයේ ඉදිකිරීම් සිදුකර ඇති බවය.

අදාළ ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය මත සිදුකළ යුතු බවට දැනුම් දී තිබුණද එම ඉදිකිරීම සිදුකර ඇත්තේ එවැනි අවසරයකින් තොරවය.

එමඟින් සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කෙසේවෙතත් අප කළ විමසීමකදී ඉපලෝගම පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් මේ දක්වා කිසිවෙක්ව අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඩෝසර් කර ඇති ප්‍රදේශයට යාබදව විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයද පිහිටා තිබේ.

එම බැලුම්ගල පුරාවිද්‍යා භූමියද 2017 වසරේ දී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ  නිවාස ව්‍යාපෘතියකට ඩෝසර් යොදා එළිකිරීම නිසා එහි නටඹුන් රැසකට හානි සිදුවුණි.

ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවුවද මේ දක්වා පුරාවිද්‍යා හානි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

අනවසරයෙන් ඉදිකිරීම් සිදුකරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි පමුණුවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More