දේශීය පුවත්

කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික කුමාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය තම රෝහලේ සිදු කරන ලද මූලික පරීක්‍ෂණණ වලදී ඉහල සාර්ථකත්වයක් පෙන්වූ බව වතුපිටිවල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික කුමාර මහතා සදහන් කරයි.

බාහිර ඖෂධයක් ලබා ගැනීමට තම රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ඉල්ලීම අනුව රෝහලේ ආසාදිත රෝගීන් 143කුට අදාළ ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද වෛද්‍යවරයා පැවසීය. එම පුද්ගලයන්ගෙන් 10 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කල බවත් ඔවුන් දස දෙනාගේම වෛරසය ඉවත් වී ඇති බව හෙලි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

එම ප්‍රතිඵලය මත සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ අවසරය මත ආසාදිතයන් 50 ක නියැදියක් සමාන කාණ්ඩ 2කට බෙදා 25 දෙනකුට එම ඖෂධ ලබා දුන් බව පැවසූ වෛද්‍යවරයා අනිත් 25 දෙනාට ඒ හා සමාන පැණියක් මත්පැන් ලබාදුන් බවද පැවසීය.

අනතුරුව ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා මහරගම රෝහලටත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයක් යොමු කළ බවද නමුත් නියමිත පටිපාටියෙන් බැහැර බව කියමින් වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්‍ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කල බවද ඔහු පැවසීය.

නමුත් මහරගම රෝහලට ලබාදී තිබු ජීව සාම්පල 32 තුල තිබූ අසාදිතයන් 16 දෙනාගේ කොරෝනා වෛරස ඉවත් වී තිබූ බවත් වෙනත් පැණි ලබා දුන් දෙදෙනෙකුද සුව වී තිබූ බවත් වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More