දේශීය පුවත්

ගාල්ල නගරයෙන් (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ ගාල්ල කොට්ඨාසයේ පාසල් සියල්ල තවදුරටත් වසා තැබීමටත් සංචරණ සීමා දැඩිකිරීමටත් තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඒ අනුව මෙතෙක් සංචරණ සීමා පනවා තිබූ වසම් හයට අමතරව දංගෙදර සහ දෙද්දුගොඩ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙකට ද (11) සිට සංචරණ සීමා පනවා තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ අද සවස ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

(09) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 1729 කින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති අතර මේ වනවිට ඉන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව සැක සහිත 20 දෙනකු පිළිබඳ තවදුරටත් විශ්ලේෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් පීසීආර් පරීක්ෂණ ගනනාවක ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි.

ගාල්ල කොට්ඨාසයේ සියලුම පාසල් (11) දක්වා මීට පෙර වසා දමා තිබුණු අතර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එම පාසල් තවදුරටත් ලබන සිකුරාදා (18) දක්වා වසා තබන බවයි.‍

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොන්ගහ, තලාපිටිය, මිලිද්දුව, මකුළුව, දෙද්දුගොඩ උතුර, ඇත්තිලිගොඩ දකුණ යන මෙතෙක් සීමා සහිත සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් ද ඇතුළුව දංගෙදර නැගෙනහිර සහ දෙද්දුගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකට ද දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

නැවත දැනුම් දෙනතුරු මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයකුට අත්‍යාවශ්‍ය නොවන හේතුවකට තම නිවසින් පිටතට යා නොහැකි අතර පිටස්තර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළුවීමට ද අවසර නොලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More