දේශීය පුවත්

වෛද්‍ය සාෆි සහබ්ඩීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම තමා ස්ථාන මාරු කිරීමට මූලික හේතුවක් වූ බව කුරුණෑගල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඊයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ය.

කුරුණෑගල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ අප්‍ර්ල් 21 ප්‍රහාරය එල්ල වූ පසුව ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ සැකකරුවන් 6 දෙනකු අත්තඩංගුවට ගැනීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ බවත් , එම සැකකරුවන් අතරින් දෙදෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට සිය මෙහෙයවිය යටතේ නිලධාරීන් සමත්වූ බවයි.

කෙසේවෙතත් කොමිෂන් සභාවේ විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, සාෆි සහබ්දින් වෙද්‍යවරයාට කිසියම් දේශපාලන සබඳතාවන් තිබුණේ ද යන්නයි.

එහිදී,
ඔව් ස්වාමිනි, අදාළ වෙද්‍යවරයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සම්බන්ධව සිටි බවට තොරතුරු අනාවරණය වෙලා තිබුණා. තවුහිත් ජමාත් සංවිධානයෙන් අදාළ සැකකරුට මුදල් ගලාගෙන ආපූ බවටත් බුද්ධි තොරතුරු අනුව අනාවරණය වෙලා තිබුණා. ඒ අනුව මම උපදෙස් ලබා දුන්නා. පරීක්ෂණ මෙහෙයවලා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මාව ස්ථාන මාරු කළේ.. යැයි නියොජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ අනාවරණය කළේ ය.

මේ අතර නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඉස්ලාමීය අන්තවාදින් බලවත්ව සිටි බව හැගී ගියේ යැයි, කුරුණෑගල භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසී ය.

ඔහු පැවසුවේ අප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පසුව ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් 226 දෙනකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතරින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත් , තවත් සැකකරුවන් හය දෙනෙක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙතත් භාර දුන් අතර තවත් සැකකරුවන් තිදෙනෙකුට අදාළව රැඳවුම් නියොග ලබා ගෙන තිබු බවත් , තවත් සැකකරුවන් 47 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත් බවත් නියොජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ය.

අප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවු නොසන්සුන් වාතාවරණය වර්ධනය විමට හේතු වූයේ ඇතැම් පොලිස් නිලධාරීන් නිසි පරිදි උපදෙස් ක්‍රියාත්මක නොකිරිම බව ද නියොජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More