පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ සිටියදී අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (10) දින පස්වරුවේ දී ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය විසින් කරන ලද අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදී ඇති බව රත්ගම පොලිසිය පවසයි.
පොලිස් කණ්ඩායම්වලට සම්බන්ධ පරීක්ෂණ නිලධාරීහු 10 වැනිදා පොල්ගස්දුව ආරණ්‍යයට ගොස් මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළහ. පොල්ගස්දුව ආරණ්‍යයේ ඇති කුටියක භාවනානුයෝගීව වැඩ සිට නෙදර්ලන්තයේ ජිනවංශනමැති හිමිනමගේ මෘතදේහය රත්ගම කළපුවේ තිබී ඉකුත් 08 වැනිදා රත්ගම පොලිසිය මගින් සොයාගනු ලැබීය.
මෙම හිමිනමගේ මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ගල්දෙකක් ලණුවකින් ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි. එක් පාදයක ගැට ගසා තිබූ ගල ගැලවී ගොස් තිබූ අතර මෙම හිමිනම හොදින් පිහිනීමට හැකියාව තිබූ බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම හිමියන් කළපුව ආසන්නයේ ඇති කුටියක භාවනානුයෝගිව වැඩ සිට තිබේ.
මෙකී මරණය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට තීන්දු කර ඇති බැව් රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් විතාන මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...