ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ’වියත්මගේ’ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඊයේ (10) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.
සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ‘විල්මාර්’ ( Wilmar Trading ) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් (Sajjad Mawzoon) වෙනුවෙන් එම බදු අඩුකිරීම සිදුකර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...