දේශීය පුවත්

සමස්ත ලංකා වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ(11 ) දිනයේ කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවක නිරතවෙමින් ඉල්ලා සිටියේ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට අදාළව සැසුම්සහගත විද්‍යාත්මක වැඩපිලිවෙලක් සකස් කරන ලෙසයි.

එම වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ කොරෝනා වෛරසයෙන් සුවපත් වීම ගැන මිත්‍යා මත විශාල ප්‍රමාණයක් සමාජගත වීම නිසා වෛරසය තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කළ යුතු බවයි.

එහිදී සමස්ත ලංකා වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ වෛරසය තුරන් කිරීමට විද්‍යාත්මක වැඩ පිළිවෙලක් නැති නිසා මෙසේ මහා මාර්ගයට පැමිණ උද්ඝෝෂණ කිරීමට සිදුවූ බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වෛරසය තුරන් කිරීමට නම් අරමුදල් සම්පත් සහ පහසුකම් ද වහා ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More