කොවිඩ් 19 ආසාදනය නිසා මිය යන ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේ මල සිරුරු ආදාහනය කිරීමට එරෙහිව විරෝධතා පළකරන මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍යය බලධාරින් ඊයේ දින (10 ) අගමැති කාර්යාලයට කැඳවා පැවැත්වූ රැස්වීමේදී ප්‍රශ්නය කඩිනමින් විසඳීමට ක්‍රියා නොකිරීම පිළිබඳව අගමැතිවරයා විසින් සෞඛ්‍යය අංශ නිළධාරීන්ට තදින් දොස් පැවරූ බව වාර්තාවේ.
ඒ අතර මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භුමදානය කිරීමට අවසර නොදෙන්නේ නම් දැඩි මහජන විරෝධතා පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළ බවද වාර්තාවේ.
ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රසිද්ධ වෛද්‍යයවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ දේශපාලන උවමනාවන් මත විද්‍යාත්මක සත්‍යය වෙනස් කිරීමට උත්සහා කිරීම බරපතල නරක් පූර්වාදර්ශයක් බවයි. පුද්ගල අයිතිය පොදු මහජන යහපතට යටත්ව සලකා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...