දේශීය පුවත්

සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10 වැනිදා) පැමිණි මොහොතේ සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමේදී ඒවා වටලප්පන් අඩංගු පාර්සල් බව තහවුරු වී තිබේ.

සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම හමුවේ ඊයේ (10 වැනිදා) සාක්ෂි දීමට පැමිණ සභාවට ඇතුළු වන අවස්ථාවේ මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර ඇත්තේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන යන ආකාරයයි.

මාධ්‍යවේදීහු මේ සම්බන්ධයෙන් කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් විමසීම් කළ විට ඔවුන් පවසා ඇත්තේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ බවත් ඒවායෙහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය කළ බවයි. ඒවා කුමකට රැගෙන යන්නේ දැයි විමසූ විට ‘කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව’ පැවසූ බව පොලිස් නිළධාරින් පවසා සිටියහ.

එහිදී පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ වෙනත් දිනවලදීද කොමිසම් සභා අභ්‍යන්තරයේ රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙන යන බැවින් මෙම පාර්සලය රැගෙන යාම සම්බන්ධයෙන්ද විරුද්ධ නොවූ අතර කොමිසම් සභාවේ සේවකයකුද පැමිණ එම පාර්සල් අභ්‍යන්තරයට ගෙන යාමට සහාය වූ බවයි.

මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වූයේ ඔවුන් ප්‍රශ්න කිරීමෙන් මොහොතකට පසු අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරයයි.ජනාධිපති කොමිසමේ සභාව මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර නැත.
මීට පෙර අවස්ථාවකදී සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයකු ජංගම දුරකථනයකින් රහසිගතව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබාදුන් සාක්ෂිය පටිගත කරමින් සිටියදී හසුවුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More