දේශීය පුවත්

ශානිට ඇප නැහැ!

December 11, 2020 5:59 am | Lanka Lead News

ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා  (09 වැනිදා) විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන් තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂක සුගත් මෝහණ මෙන්ඩිස් යන දෙදෙනාට ඇප ලබා දීම ප‍්‍රතික්‍ෂේප කරණු ලැබිණි.

ශානි අබේසේකර ඇතුළු සිව්දෙනකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට එරෙහිව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කර ගිනි අවි චෝදනා ගොනු කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙනි.

ශානි අබේසේකර, සුගත් මෝහණ මෙන්ඩිස් සහ එච්. ඞී. නවරත්න පේ‍්‍රමතිලක යන තිදෙනා එම චෝදනාවන් සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියමයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන අතර 03 වන සැකකරු වන හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා විදේශගත වී ඇත.ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකාර ශානි අබේසේකර මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ද,ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සුගත් මෝහණ මෙන්ඩිස් නමැති සැකකරුට ඇප ලබා දෙන ලෙසද ඉල්ලා ගම්පහ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා එම ඇප අයැදුම්පත‍්‍ර දෙකට අදාළව විරෝධතා ගොනු කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

මහාධිකරණයට ගොනු කර තිබිණු ඇප අයදුම්පතේ ශානි අබේසේකර මහතා දීර්ඝ කාලීනව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගියකු බව සහ වෙනත් කරුණු ගොනුකර තිබුණි . ශානි අබේසේකර මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් 07 වැනිදා මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එම වෛද්‍ය වාර්තාව අනුව ශානි අබේසේකර නමැත්තා කොවිඞ් 19 ආසාදිතයකු බවත්, නව හෘද රෝගියකු ලෙසට හඳුනාගෙන ඇති බවටත් මහාධිකරණයේදී සඳහන් විය.සැකකරුගේ නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා එම වෛද්‍ය වාර්තාවේ පිටපතක් ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විරෝධතා දැක්වීය. කෙසේ වුවද එම වෛද්‍ය වාර්තාව අධීක්‍ෂණය කළ බව විනිසුරුවරයා මහාධිකරණය හමුවේ පවසා සිටියේය.

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා දෙපාර්ශ්වය විසින්ම ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More