පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සඳහා ලැබී තිබෙනවා.
ඒ අනුව, විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවින්ද්‍ර හේවාවිතාරණ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යූ.ඩී.සී. ජයලාල් යන අය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති උසස් නිළතල පිළිබඳ කාරක සභාවේදී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...