අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්ණ කර සිටින්නේ; 2015 සිට මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පත් වන්නේ විදේශ රටවල බලපෑම් මත දැයි සැක සහිත බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසිද්ධිය; පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එකවරම කඩා වැටුණු බවද, එනිසා ඔහු ඉවත් කර වෙනත් ජනාධිපතිවරයෙකු පත්වීමට ද එම ප්‍රහාරය හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වැනි දේ හරහා ප්‍රසිද්ධියක් ලබා සිටි බවත් ඔහු ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය වූයේ කාට ද යන්න ගැටළු සහගත බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...