දේශීය සීනි කර්මාන්තය නැංවීම සහ ආනයන වියදම් අඩු කිරීම අරමුණු කර ගනිමින් 2020 මැයි මස 23 වනදා සීනි සඳහා තිබූ ආනයන බද්ද රුපියල් 33/= සිට රුපියල් 50/= දක්වා වැඩි කළා. පසුව 2020 ඔක්තෝබර් මස 13වනදා ජීවන මිළ අඩු කිරීමට යයි කියමින් එම බද්ද නැවතත් ශත.25ට අඩු කළා. නමුත් පාරිභෝගික අධිකාරිය කරන ලද සමීක්ෂණයකට අනුව ඒ වනවිට රු.50/=ක් බදු ගෙවා ගෙන්වන ලද සීනි මෙට්‍රික් ටොන් 90,000ක්, ඔක්තෝබර් 14දා වනවිට එම ආනයනකරුවන්ගේ ගුදම් වල ගබඩා කොට තිබුනා. ඒ නිසා නිර්මාණය වූ අවුල් සහගත තත්වය නිසා රජය පොරොන්දු වූ පරිදි රු.85/=ට ජනතාවට සීනිලබා දීමට නොහැකි වූවා. අන්තිමට ස.තො.ස. එක් පුද්ගලයෙකුට කි.ග්‍රෑ.1 බැගින් රු.85/=ට සීනි ලබා දුන්නා.
මෙහිදී ඇතිවූ මෙම අර්බුදය සහ මෙම කූට ජාවාරම පිටුපස සිටි පුද්ගලයා අන් කවරකුවත් නොව ස.තො.ස. සභාපති නුෂාඩ් පෙරේරායි. ඔහු “වියත් මග” කවයේ සිටින පුද්ගලයෙකු වන අතර වෙළඳ ඇමති පවා අභිබවමින් ජනාධිපති ලඟට යෑමේ බළයක් සතු පුද්ගලයෙකි.
ඒ අතර අවුරුදු 30කින් සීනි නැවක් නොආපු අප රටට පසු ගිය නොවැම්බර් මස 02 වන දින ෂැංග්‍රිලා හෝටලයේ හිමි කරු සජාජ් මවුසීන්ට අයත් විල්මාර් ට්‍රේඩින් විසින් මෙ.ටොන් 26,000ක සීනි නැවක් ගෙන්වන ලද අතර එම සීනි කිලෝ එකට ශත.25 බැගින් ආනයන බදු ගෙවා නිදහස් කර ඇත. ඔවුන් මේ වනවිට සීනි මෙ.ටොන් 37,000ක් කිලෝ එකට ශත.25 බැගින් ආනයන බදු ගෙවා නිදහස් කර ගෙන ඇත. දෙසැම්බර් 22 වනදා ඔවුන්ට තවත් සීනි මෙ.ටොන් 22,500ක නැවක් වරායට පැමිණීමට නියමිතය. එයට අමතරව සජාජ් මවුසීන්ට අයත් විල්මාර් ට්‍රේඩින් සමාගමට මේ වනවිටත් ඉන්දියාවේ තවත් නැවකට සීනි මෙ.ටොන් 13,000ක් පටවමින් පවතී. ඒ නිසා දැනටමත් මෙ.ටොන්.73,000කට ආසන්න සීනි ප්‍රමාණයකින් මෙම අසාධාරණ ලාභය ඉපයීමට නුෂාඩ් පෙරේරා සහ සජාජ් මවුසීන් මඟ පාදාගෙන ඇත.
අවසානයේ ජනතාවට රු.85/=ට සීනිත් නැත. රජයට ලැබිය යුතු බිලියන 10ක බදු මුදළත් නැත. කූට ජාවාරමේ අවසාන ප්‍රතිඵලය එම බිලියන 10 නුෂාඩ් පෙරේරාගේ සහ සජාජ් මවුසීන්ගේ සාක්කුවට යෑම පමණි.
ඒ අන් කිසිවක් නිසා නොව “වියත් මග” වෙනුවෙන් වියදම් කිරීම සහ රැස්වීම් පැවැත්වීමට ෂැංග්‍රිලා හෝටලය ලබා දීම වැනි කරුණු වෙනුවෙන් දොළ පිදේනි දීම සඳහාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...