දේශීය පුවත්

පොහොර ආනයනය නවතා දේශීය පොහොර අවශ්‍යතාව කඩිනමින් සපුරාලීමට තම අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා පොස්පේට් සමාගම ද යොදා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග කාල රාමුවක් සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අදාළ බලධාරීන් සමග  කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

දැනට දේශීය පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පොහොරවල ශරීරයට අහිතකර කැඩ්මියම්, ආසනික් වැනි විෂ සහිත ද්‍රව්‍ය පවතින බවත් ඒ වෙනුවට මෙරට සතු අමිල ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධිය යොදාගනිමින් ලංකා පොස්පේට් සමාගමේ  නිෂ්පාදන ධාරිතාව වැඩිකර නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් යුත් ‘එප්පාවල පොහොර’ නිපදවීමට මෙහිදී අවධානය යොමු කරන බවත් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

එසේ කාල රාමුවකට අනුව කටයුතු කිරීමෙන් මෙරට පොහොර අවශ්‍යතාව ආනයනයෙන් තොරව සපුරාගැනීමට හැකි වනු ඇති බවට ද වීරවංශ මහතා විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, ලංකා පොස්පේට්  සමාගමේ සභාපති අනිල් රණසිංහ, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More