දේශීය පුවත්

”සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු” යන තේමාව යටතේ ප්‍රගතිශීලී ස්ත්‍රී සාමුහිකය විසින් සංවිධනය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙන අතර මෙම නිහිඬ විරෝධතාවයේදී මහර බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සිදුවීම, ගැබිණි කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු අහිමි කිරීම, සිරකරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම, බලවතුන් නිදහස් වන – සිරකරුවන් ඝාතනය වන දේශපාලන සංස්කෘතිය ඇතුළු කතාබහට ලක්වන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු රැගෙන විරෝධතාවට කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම විරෝධතාව සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ, අලුත් පියාපත්, ඩාබිඳු සාමූහිකය, විමුක්ති ව්‍යාපාරය ඇතුළු සංවිධාන රැසක් මෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිණි අමරසූරිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුලු සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More