දේශීය පුවත්

බජට් පාටිය තියන්න එපා

December 10, 2020 1:00 pm | Lanka Lead News

අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

එසේම මේ සඳහා වැයවන අධික වියදම කොවිඩ් 19 හේතුවෙන් අසරණ ව සිටින ජනයා වෙනුවෙන් සහන ලබාදීමට යොමු කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ සලකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී සභාවට දන්වා සිටියේය.

අද සවස මෙම භෝජන සංග්‍රහය කථානායක නිල නිවසේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර 700කට අධික අමුත්තන් පිරිසකට මේ සඳහා ආරාධනා කර ඇත. අධික වියදමක් දරා සැරසිලි කටයුතු ආහාර පාන ආදිය සූදානම් කර ඇති අතර සෞඛ්‍ය අංශ මහජනයාට දන්වා ඇත්තේ මෙවැනි විශාල පිරිස් ඒකරාශීවල උත්සව සංවිධානය නොකරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More