දේශීය පුවත්

තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්‍රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.

“අලි සබ්‍රි දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ සේවාදායකයා ජනාධිපතිවෙලා ඉඳිද්දී තමන් අධිකරණ ඇමැති වීම ගැටලුවක්. ජනතාවට මේක ප්‍රශ්නයක්. මම කොසොල් රජ්ජුරුවන් දුටු 5වැනි සිහිනය කියන්නම්. එදා කොසොල් රජ්ජුරුවෝ දැකලා තිබුණා මුඛ දෙකක් තියෙන අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා. අනාගතයේ අධාර්මික පාලකයන් නිසා නීතිය අනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. ඉතින් නීතිඥයොත් විනිශ්චයකරුවොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මම කියන්නේ නෑ මේ අධිකරණ ඇමැතිතුමා එහෙමයි කියලා. මම ඒක නිකන් කිව්වේ” යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

“අද ලංකාවම බොරුවෙන් වෙලාගෙන. අර කැලණියෙ නාග රාජයා ආවා. දැන් සූර පප්ප එකේ හිටපු වෙද පප්පගෙ අරිෂ්ටෙ බෙදනවා. කවුද පැණිය බෙදන අනික් බෙදන්නේ. ජාතිවාදය වපුරපු කෙනෙක් තමයි අනික් පැත්තෙන් පැණිය බෙදන්නේ. මම පැණියට විරුද්ධ නෑ. මේකට ක්‍රමවේදයක් හදන්න” යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More