දේශීය පුවත්

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ  ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.

කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස්මත මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.

ගල්බොක්ක නැගෙනහිර,ගල්බොක්ක බටහිර,අලුත්විදිය.කොට්ටගොඩ,කොහුන්ගමුව.හෙට්ටිවිදිය යන මෙකි ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු  පෙරේදා (09) වාර්තා වී තිබු අතර  ඊට දිනකිහිපයකට පමණ පෙර දෙදෙනෙකු වාර්තා වී තිබුණි. මේ හේතුවෙන් ගම්මාන 06 සදහා දැඩි සංචරණ සීමා පැනවීම සුදුසු බවට  සෞඛ්‍ය අංශ මගින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට නිර්දේශ කළ බවද හෙතෙම කීය.ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට  මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  මෙසේද කීවේය.

“මේ ග්‍රාම නිලධාරිවසම් 06ට  අයත් වන්නේ කුඩා කොටසක්. මේ ගම්මාන 6 එක ළග තියෙන පොඩි රවුමක් වගේ. පවතින තත්වය ගැන ආණ්ඩුකාරතුමාට වාර්තාකළාට පසු එතුමාගේ  නියෝග පරිදි මෙම ගම්මානවල ජනතාවට  පිටතට යාමටත් පිටතින් එන අයට ගම්මානවලට එමට නොහැකි පරිදි   පොලිසිය මගින්  දැඩි සංචරණ සිමා පැනවිමට කටයුතු කලා. හුදකලාකිරීමක් නෙවෙයි වෙන්නේ. දැඩි සංචරණ සීමා පැනවීමක් තමයි කරන්නේ. පී.සී.ආර් පරීක්ෂණ 300ක් කළා ඉන් පුද්ගලයින් 18 දෙනෙකු තමයි ආසාදනය වෙලා තිබුණේ. පී.සී.ආර් පරීක්ෂණ 20ක පමණ  ප්‍රථිපල එන්න තියෙනවා මෙකී ප්‍රදේශවල පිහිටි පාසල් ද වසා දැමීමට තීරණය කරලා තියෙනවා” යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More