පාරිභෝගිකයා ආරක්ෂා කරන මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ නෛතික බලයක් පී. බී. ජයසුන්දරට නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවේ දීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතාට මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙස ලිපියකින් දැනුම්වත් කළත් එහි නෛතික බලයක් නැහැ. එම කොමිසමේ විද්වත් මණ්ඩලයක් සිටිනවා. එහි ආචාර්යවරු, මහාචාර්යවරු, ඉංජිනේරු, ගණකාධිකාරිවරයෙක්ද ඇතුළත්. නලින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මේ වෙනවිට එහි නිලධාරීන්ට කොමිසමෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් ලැබෙන බවයි. එසේ කළ හැක්කේ ඔවුන්ට සෞඛ්‍යමය හෝ නීති විරෝධී කටයුත්තක් සිදු වුවහොත් පමණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...