ඥාතීන් විසින් භාර නොගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ නිරෝධායන රෙගුලාසි අනුව වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (09 වැනිදා) උපදෙස් දුන්නේය.
ඥාතීන් භාර නොගත් මළ සිරුරු 19ක් මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයීය මෘත ශරීරාගාරයේ තිබේ. එය සෞඛ්‍යයට බරපතළ හානියක් බවත් ඒ පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ඥාතීන් භාර නොගත් කොවිඩ් ආසාදිත මළසිරුරු නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට ලිඛිත උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...