දේශීය පුවත්

අනිත් රටවල්වල ලංකාව ගැන කතා වෙන්නේ ණය අරගෙන අසාර්ථක වුණ රටක් විදියට. ඒකේ උදාහරණයට ගත්තේ හම්බන්තොට වරායට ණය ගත්තු හැටි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙරේදා (8 වැනිදා) පැවැති ‘2021 අයවැය -ප්‍රබන්ධය හා යථාර්ථය’ මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා මෙසේද කීවේය.

‘‘දැන් අපේ විදේශ වත්කම් සංචිතයත් බැහැල තියෙනවා. මේක තමයි අපේ රටේ තිබෙන අර්බුදය. මේ අර්බුදය නිසා අපිව ශ්‍රේණිගත වෙනවා.” ණය ගෙවීමේ හැකියාව මත මූල්‍ය ස්ථාවරත්වය කියල. අපිට කියන්නේ නැගී එන රටවල් කියලනේ. මොන නැගී එන රටක්ද? එතන අපි ඉන්නේ හැට එක්වෙනි තැන. හැට හයෙන් හැට එක්වැනි තැන ඉන්න විට අපි නැගී එන රටක්ද? සිතියම අනිත් පැත්තට හරවලා බැලුවොත් නම් අපි ඉන්නේ හතර වෙනි තැන. අපි ළඟට ඉන්නේ ඇංගෝලාව, මොංගෝලියාව, සිම්බාබ්වේ වගේ රටවල්. මේක තමයි අර්බුදය.

මේකට උත්තර දෙන්න ආණ්ඩුවට මොනවද තියෙන්නේ. ආණ්ඩුවට තියෙන උත්තරේ නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නෙමෙයි. කයිවාරුවට දේශීයත්වය අපනයන දිරිගැන්වීම වගේ දේවල් කියයි. හැබැයි ආණ්ඩුවට තියෙන උත්තර තියෙන සම්පත් ටික විකිණීම.

අද අපිට ණය දෙන්න කවුරුත් නැහැ. භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් ඉල්ලන්න බැහැ. බදු ගහන සීමාවක් තියෙනවා. බදු ගැහුව්වට මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. බඩු මිල වැඩිකරන එකේ සීමාවක් තියෙනවා. මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරනවා. ආර්ථිකය අර්බුදයකට ගියා කියල සිල්ලර බඩු කඩයක් වගේ වහන්නත් බැහැ. ඇරගෙන යන්නත් වෙනවා. ආණ්ඩුවට ඉතිරිවෙලා තියෙන්නේ තව විකුණන්න තියෙන තැන් සොයලා විකුණන එක. මේ දවස්වල කරගෙන යන්නේ ඒක තමයි.

ඉඩම් නීති රීති වෙනස් කරල වනාන්තර ටික විකුණන්න පටන් අරගෙන. අද අපේ රටේ මධ්‍යම කඳුකරය විනාශ කරන්න පටන් අරන්. මධ්‍යම කඳුකරයේ තමයි අපිට තියෙන වටිනාම සම්පත් ටික තියෙන්නේ. ගංගා පද්ධතිය ගලාගෙන යන්නේ මෙතැනින්. ගංගා පද්ධතිය තිබෙන නිසා තමයි අපේ පහත තිබෙන තෙත්බිම් ඉතුරුවෙලා තියෙන්නේ. හැබැයි අද මේවා විනාශ කරමින් ඉන්නවා. අද අපි අහනවා දිගන භූමිකම්පාවක් ගැන. ඇයි මේ පාෂාණ පද්ධතියට දරා ගන්න බැරි විනාශයක් දැන් සිදු කරනවා. මේවා කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. දෙගොල්ලක් ඉන්නවා මේකේ. බහු ජාතික කොම්පැනිකාරයෝ ටික ඇවිල්ලා බලනවා. ලොකු කුට්ටිය අල්ලගන්න. මේක ඇතුළේ ආණ්ඩුව හදාපු කට්ටිය ඉන්නවා පොඩි කුට්ටිය අල්ලා ගන්න. අර ලේ උරාබොන මාපිල්ලු වාගේ. එක එකා ඇවිල්ලා දැන් මේක අල්ලා ගන්නවා. මේ ආණ්ඩුව යූඑන්පියට බණිනවා, යූඇන්පිය රාජපක්ෂලට බණිනවා. දෙගොල්ල දෙගොල්ලට බැණ බැණ දෙගොල්ලම විකුණනවා. වෙන විකල්පයක් නැහැ.

මහා ණය උගුලක අපි හිර කරලා. මේක ඛේදවාචයක්. මේක අයවැයට එහා ගිය කතාවක්. මේ මහා ණය කන්දට මේ රටේ පාලකයෝ වග කියන්න ඕනෑ. ජනතාව වග කියන්න ඕනෑ නැහැ. අද අනිත් රටවල් ලංකාව ගැන සාකච්ඡා වෙන්නේ ණය අරගෙන අසාර්ථක වෙච්ච රටක් හැටියට. ණය වෙල ඇන ගැනීමේ උදාහරණ හැටියට පෙන්වන්නේ ලංකාව. ලැජ්ජයි කියන්න කෙන්යාවේ පාර්ලිමේන්තුවෙත් උදාහරණ හැටියට ගන්නවා ශ්‍රී ලංකාව. ඒකේ උදාහරණ හැටියට ගන්නේ හම්බන්තොට වරායට ණය ගත්තු හැටි. චීනා හම්බන්තොට වරාය පෙන්නල අපිව අන්දපු හැටි. ඒ තරම් අවමානයට පත්වෙච්චි රටක් බවට මේ රට පත්කළේ අපේ පාලකයෝ.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More