දේශීය පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ආර්ථිකය හැසිරවීමේ සුවිශේෂී ආයතනයක් බවත්, විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ආර්ථිකයේ දිශානතිය මෙහෙයවන රජයේ ප්‍රබලතම රාජ්‍ය ආයතනය බවට එය පත්කිරීම තම අරමුණ බවත්, අද (09) දින කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගනිමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා ප්‍රකාශ කරන ලඩී.

රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ සභාපතිවරයා කොවිඩ් අවදානම් කාලය තුළ දී ආයෝජන කලාප වසා නොදමා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා ඇතුළු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More