ප‍්‍රධාන පුවත්

ආසාත්මිකතා අවදානම සහිත කිසිවෙකු Pfizer එන්නත ලබා නොගන්නා ලෙස; එරට ඖෂධ හා සනීපාරක්ෂක නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) මහ ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එංගලන්ත සෞඛ‍ය සේවා (NHS) අධ්‍යක්ෂ මහාචාර්‍යය Stephen Powis පවසයි.

එන්නත එක්සත් රාජධානියේ ජනතාවට ප්‍රචලිතව ලබා දීමේ පළමු දිනයේදීම එනම් අඟහරුවාදා (08) දින එය ලබාගත් එරට (NHS) වෛද්‍යවරුන් දෙදෙනෙකුට දරුණු ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

තවද, එරට සියලුම රෝහල් සහ එන්නත ලබාගැනීමට ලැයිස්තුගත සියලුම දෙනාට මේ වනවිට මෙම නිවේදනය දන්වා ඇතැයි ද එරට ජාතික සෞඛ‍ය සේවා (NHS) ආයතනය වාර්තා කර සිටී.

ඖෂධ හා සනීපාරක්ෂක නිෂ්පාදන නියාමන ඒජන්සි (MHRA) ප්‍රධානී ආචාර්‍ය්ය June Raine අද (09) දින කාරක සභා රැස්වීමක් අමතා පවසා ඇත්තේ Pfizer එන්නත් ව්‍යාපෘතිය පුරාවටම මෙම අවදානම පිළිබඳ පරීක්ෂාකාරී වීම පවත්වාගන යන බවයි.

ඒ අතර, එරට සෞඛ‍ය අමාත්‍ය Matt Hancock අඟහරුවාදා (08) දින පවසා සිටියේ එක්සත් රාජධානියේ නිෂ්පාදිත AstraZeneca එන්නතට මේ වසර අවසාන වනවිට අනුමැතිය ලැබෙන බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/uk/509112-vaccine-pfizer-warning-britons-regulator/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More